
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ.
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A- ශ්‍රේණිගත කිරීම ලැබී ඇත.
ප්‍රගති වාර්තාව මගින් ලෝකයේ රටවල්වල සිටින මහ බැංකු අධිපතිවරුන්ට A ශ්‍රේණියේ සිට F ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබේ.
ලබාදුන් ඉහලම ශ්‍රේණිගත කිරීම වූ A ශ්‍රේණිය A+,A,A- ලෙස කාණ්ඩ තුනකට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වෙන්කර තිබිණ.
ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව දෙනෙකුට A- ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ.
මෙම ප්‍රගති වාර්තා වේ ඉහළම ස්ථාන තුන ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රී ශක්ති කාන්ත දාස්, ස්විස්ටර්ලන්තයේ මහබැංකු අධිපති තෝමස් ජේ ජෝර්ඩන් සහ වියට්නාමයේ මහ බැංකු අධිපති ති හොංග් ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තවත් බදු වැඩි කරාවි...!
දේශපාලන වෙනසක් ඇතිවේවි...! සුබපැතුම්...!
සැබෑ නිවැරදි තේරීමක් ලෙස අගය කරමු... අපේ සුබ පැතුම්...!
නිවැරදි තේරීමක් ලෙස අගය කරමු. අපේ සුබ පැතුම්…!
සුබපැතුම්...!
නන්දලාල් මහතා නැත්නම් කබ්බා තාම අච්චු ගහනවා..
මෙතුමා ඔය තනතුරට ගෙනාවේ ගෝඨාභයද? රනිල්ද? ඔය තනතුරෙන් අයින් කරන්න හැදුවේ කවුද?
එයා සුපිරින් අතරට යනවා. අපි අනාථයින් අතරට යනවා.
කොහොමද සැලකිල්ල...? කලින් කෙනෙකුට හොඳම මුදල් ඇමැති කළා..
කබ්‍රාල්ටත් Z - එකක්වත් දුන්නොත් හොඳයි නේද?
හරි නම් දෙන්න තිබුණේ A, ලෝක බැංකුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙයි පදේට නටන ලෝකයේ හොඳම රූකඩය නිසා...
සුබ පැතුම්! කබ්රාල් රේටිංස්වලට අභියෝග කරයිද දන්නෙ නෑ.
ඇත්තෙන්ම මේක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ...!
දුප්පත් මිනිස්සුන්ට මැරෙනකම් ටැක්ස් ගහලා සල්ලි හොයන්න කාට බැරිද? මෙයා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති වෙලා හිටපු කාලේ තමයි රනිල් මහා බැංකුව බින්දේ !!! කරපු ඔක්කොම සුකුරුත්තන් හරි ගියේ නැති නිසා ඔන්න දැන් ඊ පි එෆ් එකට කෙලින්න යනවා. ග්ලෝබල් ෆයිනෑන්ස් කාරයෝ දන්නේ නැහැ හොරු කියලා. නන්දලාල් චූටි අනතුරු ඇඟවීමක් තියෙනවා - දුප්පත් මිනිස්සුන්ගේ ඊ පි එෆ් එකත් එක්ක සෙල්ලම් කරලා අන්තිමට අනාගත්තොත්, ගෝල්ෆේස් එකේ එල්ලනවා.
ලයිට් බිල, වතුර බිල වරිපනම් ටෙලිපෝන් උපයන විට බදු ඔක්කොම වැඩි කළා. රජයේ සේවකයාගේ වැටුප තඹ සතයකින් වැඩි කළේ නැහැ. නමුත් එදාට වඩා වියදම එමෙන් දෙගුණයක් නොවෙයි සිවු ගුණයක්. මේකෙන් ගොඩගියේ මහා පරිමාණ වෙළෙන්දෝ. කම්කරුවාටත් කීයක් හරි වැඩිවෙනවා. නමුත් ඒ මිනිස්සුත් අන්ත අසරණයි. දරුවෙක් අසනිප වුණත් ත්‍රීවීලරයකින්වත් බෙහෙත් ගන්න එක්ක ගෙන යන්න බැහැ. කොටසකට නම් හොඳයි. මැති ඇමතිවරුන්ට හොඳටම හොඳයි. මාසික ඉන්ධන දීමනාව හෝ ඉන්ධන නොමිලේ ගන්න අයට නම් ඉතා හොඳයි. කෑම බීම නිකන් දෙන අයටත් ඉතා හොඳයි. මේවා නකටම හොඳයි, හොඳයි කීවාට පවුල් වැඩි පිරිසක් අන්ත අසරණ තත්වයට පත්වෙලා අවසන්... රටක නිෂ්පාදනයක් නැතිව බදු වැඩිකරලා සංචිත ටික වැඩිි කරගත්තාහම කොහොමද හොඳ වෙන්නේ... මේ ක්‍රමයට නන්දලාල් ඕනෑ නැහැ. ගමේ පොලීකාරයාත් දන්නවා පොලිය වැඩි කරලා ගත්තාම ලාබබව... මේක එක්තරා පිරිසකගේ පැවැත්ම පිණිස කරපු කෙටි කාලීන විසඳුමක් විතරයි. තාවකාලික පැලැස්තරයක්... රජයේ සේවකයෝ සහ විශ්‍රාමිකයෝ අන්ත අසරණ තත්වයට පත්වෙලා අවසන්... කම්කරුවන් ඉවරෙටම ඉවරයි. මම ප්‍රායෝගික පුද්ගලයෙක් ලෙස මම දන්නවා මිනිස්සු විඳින දුක. දේශපාලකයින්ටත් ගැටලුවක් නැහැ. පිං කැට වලින් සල්ලි එනවා
මේක ලංකා දේශපාලනේට ලැබෙන IMF මාකටින් උගුලක්. IMF එකට එකතුවෙලා ලංකාව චීනෙන් එහාට තල්ලු කරනවාට USA වලින් ලැබෙන කොළ කෑලි. එකට තමයි මෙයා මුලින්ම ලංකාව බංකොලොත් කියලාම පටන් ගත්තේ... ඩොලර් බිලියන 80 පුංචි ආර්තියකක් ඇති ලංකාව විනාස කරේ කවුද කියලා නන්දලාල් දන්නවා. මොකද එයා මහා බැංකුවේ හිටියා අවු 20කට වැඩිය. මෙයාව මහබැංකු අධිපති කරේත් රාජපක්ෂ පවුලෙන්. ඉතුරු ටික හිතාගන්න...
තමුන්ගේ ඊපීඑෆ් එකට 29% අරගෙන අහිංසකයින්ගේ ඊපිඑෆ් එකට කෙළපු නිසාද?
මගේ සුබපැතුම්...!
බොරු කීමෙන්ද දන්නේ නැහැ...
රවි කරුණානායක කියලා ලෝකයේ හොඳම මුදල් ඇමැති කෙනෙක් අපටත් හිටියා. අපිව බංකොළොත් වෙන්න මේවා හේතු වුණා...