IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රස්ත පනත ගැන ලොවම දැනුවත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව ඔවුන්ට පවතින ගැටළු සදහා අලි සබ්රි අමාත්‍යවරයා, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු ලබා දෙමින් කරුණු ඉදිරිපත් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරිල් පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (1)

ත්‍රස්ත පනත ගැන ලොවම දැනුවත් කරයි

Akila Sunday, 03 September 2023 06:55 AM

මීළඟ රජයක් යටතේ මතක ඇතිව ඔය පනතෙන් ඕක ගෙනාපු උන්දැලාවම ඇතුළට දාන්න වගබලාගන්න ඕනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site