IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර

(නිමන්ති රණසිංහ )

ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ  ලබාදීම ඇතුළු සමාජ සුබසාධන   වැඩසටහන් මාලාවක්  ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා දිවයින පුරා සංවිධාන කිරීමට  ශ්‍රී ලංකා නීතිඥ සංගමය   තීරණය කර ඇත.

මහජනතාවගේ නීතිමය දැනුම වැඩි කිරීම, සිවිල් අපරාධ ගැටළුවලට නොමිලේ නීති උපදෙස් ලබාදීම, නීතිපති උපදෙස් කඩිනම් කිරීම හා බන්ධනාගාර රැඳවියන්ගේ දීර්ඝකාලීන ගැටලු  නිරාකරණය කිරීම සඳහා නීති උපදෙස් ලබාදීම සහ  රාජ්‍ය සේවයේ නිලධාරීන්  හා පාසල් සිසුන් සඳහා නීති දැනුම ලබාදීම  මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මේ අතර නොමිලේ නීති ආධාර සේවාවක් කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී සහ තවත් මධ්‍යස්ථාන හයකදී ලබන 28 සහ 29 දෙදින පැවැත්වීමටද  සංගමය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන් සඳහා 0113133864 සහ  0113133872 යන දුරකතන අංක ඔස්සේ  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි මහතා ඇමතීමෙන් ලියාපදිංචි  විය හැකි බවද සංගමය දැනුම් දෙයි.



අදහස් (3)

නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර

Iran Wednesday, 06 September 2023 09:15 AM

ඇයි එයාල ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයෙන් නෙ.හැම නීතීඤයෙක්ම ඒ වෙනුවෙන් ⁣නොමිලේ දිනකට යම් කාලයක් ජනතාවට සේවය කලයුතුයි.

:       4       1

kotiyaa Wednesday, 06 September 2023 02:05 PM

ඉතින් නිදහස් අධ්‍යාපනේ තමයි නුඹලාටත් දුන්නේ. ඇයි නුඹලා ඉගෙනගෙන නීතිඥවරු නොවුනේ?

:       1       0

Bamunuarachchi Thursday, 07 September 2023 10:20 AM

Kotiyaa ගොන් කථා නොකියා කියන දේ තේරුම් ගන්න. පාසල් අධ්‍යාපනයෙන් පසු දෙන අධ්‍යාපනය නොමිලේ දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site