
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
රුපේෂ් සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇත.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔහු මිලදී ගෙන ඇති ඉඩම් කැබැල්ල සඳහා ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ සැටලයිට් ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය රුපේෂ්ට ලබා දී ඇති අතර මෙම මිලදී ගැනීම පසුගිය 25 වැනිදා ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තහවුරු කර ඇත.
සඳෙහි ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයි හැඟෙන බව රුපේෂ් පවසා තිබේ.ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇති පරිදි ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක ඉඩම් කැබැල්ලක් සඳෙහි මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යෙදවේ.
කීර්තිමත් පුද්ගලයින් 675 ක් සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බව රුපේෂ් පවසා ඇත.ඉන්ටර්නැෂනල් ලුනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තුළ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07 කට මිල කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඉන්නේ හෙණ ගොන් ගස්නේ...
ඉන්දියන් කොහොමත්, මොනවාහරි කරලා ලෝක වාර්තාවක් තියන් උත්සාහ කරන්නේ...
මෙහෙ උන්දැලා හිතාගෙන ඉන්නේ හඳේ කවුරුත් නෑ කියලනේ.. අනික කාගෙන් කොහොම ලැබුණු අයිතියක්ද? මෙහෙ ඉඳලා හඳේ ඉඩම් විකුණන්න.. අන්තිමට කොහේ හරි ඉන්න අපිට වඩා පට්ට දියුණු සෙට් එකක් වලියට ආවොත්.. එදාට හඳ නෙවෙයි.. පය ගහලා ඉන්න පොළොවත් නැතිවෙලයි නවතින්නේ.. අනික ඉතින් හඳේ ඉඩම් ගන්න තියා, උපන්න මේ හ පොළොවෙවත් බිම් අඟලක් නැති මිනිස්සු කොච්චර ඇතිද..?
එතකොට සඳ අයිති තක්කඩි ඇමරිකන් කාරයන්ටද ? ඔවුන් ඒක කැබලි කරලා විකුණනවා. මෝඩයින් ඒවා ගන්නවා
මීට අවුරුදු 7, 8 කට කලින් කාටුන් එකක් තිබුණා. නීල් ආම්ස්ට්‍රෝන් පළමුවෙන්ම හඳට පය තබනවිට ඉන්දියාවේ කේරලයෙක් කැහැපොට ගහගත් සරමක් ඇඳගෙන පෙට්ටි කඩයක් දාගෙන ඉන්නවා. බලන්න ඒක ඇත්ත වෙලා තියෙන හැටි.
ඔය ඉඩම අයිති හාවට...!
මගෙත් තියනවා අක්කර 10 ක් හඳේ .අක්කරයක් ලක්ෂ 10 ගානේ දෙනවා
එතකොට හද ඇමරිකන් ජනාධිපති ගේඩ
ඕක ආරංචි උනාම අපේ රටේ අයියල හොර ඔප්පු හදල හඳෙන් ඉඩම් අල්ලා ගනීවි.
පිස්සු යක්කු
අපේ රටේ දේශපාලුුවන්ගේත් මේ පුවත නෙත ගැටී හැකිතාක් ඉක්මණින් පදිංචියට යෑමට හැකිවේවා...!