(යොහාන් භාසුර)

රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 ක්, දකුණු පළාත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7 ක පුද්ගලයන් 24 ක් සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6 ක පුද්ගලයන් 24 ක් මෙසේ පීඩාව පත්ව සිටින බවත් ගස් පෙරළීම, සුළං සහ විදුලිකෙටීම යන අනතුරුවලින් මෙම පුද්ගලයන් අපදාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.  

මෙම අනතුරුවලින් නිවාස 26 කට අර්ධ හානි වී ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.