
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා හෙට (02) සහ අනිද්දා (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
එම සංචාරයේ අරමුණ ඉන්දීය මුහුදු කලාපය තුළ මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා දෙරටේ ද්වි පාර්ශ්වික හමුදා සබඳතා සහ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම සංචාරයේදී අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.
චීනය කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මොහොතක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.
එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය පහසුකමක් ලබා දී තිබෙන බවත් ඉන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් ප්‍රයෝජනයට ගෙන තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට ආර්ථික අර්බුදය සහ තමුන්ලාගේ ආරක්ෂක අවශ්‍යතා අතර සම්බන්ධතාවය කුමක්ද? රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු බලධාරීන් මෙය පැහැදිලි කළ යුතුයි...
ඒ ණය පහසුකමට නේද පොලිසියට ජීප් රථයයි, කඳුළු ගෑස් උණ්ඩයි, ජනතාවගෙන් ආරක්ෂා වෙලා මන්දිරවල ඉන්න අයව බේරගන්න ජල තුවක්කුයි ගෙනාවා කිව්වේ. අපේම මාලු අපේම ඇඟේ තියලා කපනවා. අන්තිමේ ණය ගෙවන්නෙත් අපිමයි...අනේ අම්මපා...