(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකර දියණියන් දෙදෙනාට සහ නිවසට පහර දීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු, බිරිඳ හා දරු දෙදෙනා විසින් අල්ලා මෙල්ල කර බැඳ දමා පොලිසියට අල්ලා දීමේ පුවතක් වාර්තා වේ.
සැකකාර කොස්තාපල්වරයා බිරියට හා දරුවන්ට පහර දෙද්දී ඔහු බැද දමා පසුව පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව අරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් බැඳ දමා සිටි කොස්තාපල්වරයාගේ බැමි ලිහා දමා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොස්තාපල් සැමියා බීමතින් මෙවැන්නක් කළ බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ආනවිලුන්දාව රජයේ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඔහු බීමතින් සිටින්නේ දැයි යන්න හෙළි කර ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන්නෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනිට, ළමයින්ට එපාවුණු අපතයෙක්ගෙන් පොලිසියට ඇති සේවය මොකක්ද? ඌව අස්කර දාන්න හෝ මානසික රෝහලට යවන්න..