
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත.
ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ.
වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ(01) ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.
සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.
ධර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතා මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද දරා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හැටනම ලක්ෂයක් අරන් අපේ රටේත් ජනාධිපති වුනේ ඛණිජතෙල් විෂේශඥයෙක්…
සම්භවේ කෙසේවෙතත් කොටින්ට කඩේ නොයන කෙනෙක් නම් එච්චරයි...
ඔන්න දියුණුව කරා යන රටවල ඉහළ තනතුරු සඳහා පත්කර ගන්න අයවලුන්... අපේ රටෙත් එහෙම වෙන්නැති නේද?
සිංගප්පූරුවල එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මේක සිංහල බෞද්ධ රට, දෙමළුන්ට ජනාධිපති හෝ අගමැති හෝ වෙන්න බැහැ කියයි. ඔහොම කියලා තමයි අපි අපිටම කෙළවාගෙන තියෙන්නේ...!
ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම දෙමළ අයෙකුට රටේ නායකත්වය ලැබීමට නොහැකිවන විදියට හදලා තියෙනවා.. කදිරගාමර් මහත්තයාට අගමැතිකම දෙන්න තියෙද්දී දුන්නේ නැතිව හිටිය රටක් මේක. 13 ට වඩා ලංකාවට වටින්නේ, හැමෝටම එක විදියට සලකන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන එක. එහෙම වුණා නම් රටට ලොකු හෙනයක් වෙලා තියෙන ජාති, ආගම් අතර පරස්පරතා යොදාගෙන කරන දේශපාලනය රටෙන් තුරන්වෙලා යනවා. 13න් වෙන්නේ රට තවත් බෙදෙන එක, හැබැයි, හැමෝටම සමාන අයිතිය තියෙන විදියට කරන ව්‍යවස්ථා වෙනසකින් රට තව දියුණු වෙයි...
සිංගප්පූරුවේ දෙමළ අය ඉන්නේ 5%ක් විතර... ඒත් ජනාධිපති වුණා... අගය කරන්න ඕනේ. කොහොමත් කොටින්ට කඩේ යන එක අන්තිම නරකයි.
ඒ වගේ ලොකු දේවල් වලට "ලාංකික සම්භවය" ඇයි, ලාංකික දෙමළ සම්භවය කියලා නොලිව්වේ...? මේ රටේ ඉන්නකම්, ජාතිය අනුව ලේබල් ගහලා පුළුවන් තරම් ගරහලා ඒ මිනිස්සුන්ට මේ රටේ ජීවත්වෙලා ඉන්න බැරි තත්වෙට කටයුතු කරනවා. යහපත් පාලකයින් හා ධර්මිෂ්ඨ ජනතාවක් වෙසෙන සංවර්ධිත රටවලට ගොස් උසස් තැනකට ආවාම තමන්ගේ එකෙක් කරගන්න දඟලනවා.... ඒ කාලේ සිටි ද්‍රවිඩ වෛද්‍යවරු කොතරම් නිහතමානිද...? ද්‍රවිඩ ව්‍යාපාරිකයින් කොතරම් සාධාරණද..? ළුෑනු, මිරිස් පමණක් නොවෙයි මිදි පවා වගාකළ යාපනයේ ගොවියන් කොතරම් උත්සාහවන්තද...? මතකද, ද්‍රවිඩ ව්‍යාපාරිකයින්ගේ දේපොළ හා ව්‍යාපාර මංකොල්ල කෑවා හොර තක්කඩි සිංහලයින්...
දැන් ඉතින් අපේ අය හිතයි ලංකාව සිංගප්පූරුව වගේ වෙයි කියලා.
බද්‍රානි, සිංහල මිනිස්සු නෙවෙයි දෙමළ ව්‍යාපාර මංකොල්ල කෑවේ.. ජාතිවාදය අවුස්සලා, බොරු ජාති ආලය පෙන්නලා ඡන්ද ගන්න. ඒකයි වුණේ. කිසි දවසක පරණ දේශපාලන පක්ෂ තෝරගන්න හොඳ නැහැ ආයිත්...
මෙම පුවත කියවන ඇතැම් අය නොදන්නා කාරණා කිහිපයක් සටහන් කිරීමට කැමැත්තෙමි. සිංගප්පූරුවේ ජනාධිපති පදවිය නාම මාත්‍රික පදවියකි. විධායක බලය අගමැති පදවිය දරන්නාට හිමිවේ. ප්‍රධාන පෙලේ විදේශ මාධ්‍ය වෙබ් අඩවියකට අනුව, බහුතර ජාතිය චීන අය වන සිංගප්පූරුවේ පාලකයා ලෙස වෙනත් ජාතියකට අයත් කෙනෙකු පත් නොකළ යුතු යයි එහි සමාජ මතයක් පවතියි. ෂන්මුගරත්නම් මහතා නාම මාත්‍රික පදවියකට මහජන ඡන්දයකින් පත්වීමෙන්, ඔහුගේ දේශපාලන ගමන අවසාන වූවා යයි ඔහුට පක්ෂපාතී අය කලකිරී ඇති බවද එම පුවතේ සඳහන් වේ.
දෙමළ නායකයන් හා සිංහල නායකයන් කලේ බලය සඳහා ජනතාව බේදකළා. ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් බොරදියේ මාළු බෑවා. ජවිපෙ හැර වාමාංශිකයින් බලය බෙදිම න්‍යායට අදාල දෙයක් නිසා 13 න් පස්සේ දිව්වා. නමුත් සමස්ථ සමාජයට සාධාරණ ලෙස බලය බේදීමේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. ලාංකික ජාතියක් සෑදිය යුතුයි...
ලංකාවේ නම් කොතරම් දක්ෂයෙක් වුණත් මෙවැනි තනතුරු දීමේදී ජාතිය, ජන්මය හොයන නිසා සිංගප්පූරුවේ තත්වයට පැමිණිය නොහැක. රට හැමදාමත් අර්බුදයේ ගිලී තියෙන්නේ දක්ෂයින් පස්සට දමා හොරුන් කුඩු වෙළෙන්ඳන්, මිනීමරුවන් වැනි අයටත් පරම්පරා අයිතියටත් තැන දීම නිසායි...!
අපේ රටේ උගතුන්ට ඕනෙම රටක පිලිගැනීමක් තියෙනවා... එයාලා එම රටවලට අවංක සේවයක් කරනවා. අපේ රටේ අවංක උගතුන්ට තැනක් නැහැ. නාකි ජනතාව මුලා කරමින් රට කනවා.
කොටලා තියෙන කොමෙන්ටුවලින් තේරෙනවා සිංහල ජාතිය ළිං මැඩි සංස්කෘතිය තාම බදාගෙන ඉන්න බව.. හිඟා කෑවත් අපි ශ්‍රේෂ්ඨ කියලා හිතාගෙන ඉන්නේ... එහෙම ඉන්නතාක් රටේ ආර්ථික සංවර්ධනය බෑ වගේම මහජාතිය තවතවත් හිඟමනට පත්ව සුලු ජාතිකයින් ආර්ථික බලය අල්ලා ගැනීම වැඩිවෙනවා...
සිංගප්පූරුවේ හින්දු ද්‍රවිඩයකුට ජනාධිපති වෙන්න පුළුවන් වුණාට මුස්ලිම් කළු ජාතිකයෙකුට ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන් වුණාට... ලංකාවේ ගෝත්‍රිකයින් ඉන්නකන් ඒවා බෑ. ඒ රටවල මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළ යනකොට අපි දුගී බවට පත්වෙනවා...