(ඉන්දිකා රාමනායක)
අංගොඩ කැළණිමුල්ල පාලම අසල විශේෂ කාර්ය බලකාය මගින් යොදා තිබු ක්ෂණික මාර්ග බාධකයකදි අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට භට පිරිස් (1) පස්වරුවේ වෙඩි තැබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
එම වෙඩි පහර හමුවේ යතුරු පැදිය නොනවත්වාම පලා ගොස් ඇතැයි කාර්ය බලකායේ පවසයි.
විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මාර්ග බාධකය හරහා අද පස්වරුවේ අංගොඩ සිට කැලණිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට නැවැත්වීමට අණ කර ඇත.
එම අණ අනුව යතුරු පැදිය නවත්වන මුවාවෙන් වේගය අඩුකර එකවරම පලා ගොස් ඇති අතර එම යතුරුපැදියට විශේෂ කාර්ය බලකායේ භටයකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසයි.
මෙම වෙඩි ප්‍රහාරයක් සමඟම යතුරුපැදිය නොනවත්වාම කැලණිය දෙසට ධාවනය වී ඇතැයි ද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි
පලා ගිය සැකකරුවන් සොයා ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළද සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත..
මොවුන් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දෙදෙනකු බවට විශේෂ කාර්ය බලකාය සැකකරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අණ නොතකා ගිය යතුරු පැදියට විශේෂ කාර්ය බලකායෙන් වෙඩි
චින්තක Saturday, 02 September 2023 07:31 AM
හදිසි මාර්ග බාධක ඇතිකරන අවස්ථාවේ තාවකාලික CCTV සවිකරන්න ක්‍රමයක් නැද්ද? එහෙම තියෙනවා නම් ඕවා වළක්වන්න අමාරු නැහැ. එහෙම නැත්නම් බාධකයට මීටර් දහයක්, පහළොවක් දුරින් දෙපසින් හමුදා හෝ පොලිස් සන්නද්ධ නිලධාරීන් කීප දෙනෙක් සිටෙව්වොත් ඔහොම නොවෙන්න පුළුවන්...!