එජාපය වත්තල බලකොටුව හදයි එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල පිහිටුවීම ’’2048 ජයගමු’’ තේමාවෙන් පැවැත්විණි. 23 July 2023
රුසියන් යුවළ බේරන්න ගිය ජීවිත ආරක්ෂක නිළධාරීයා මරුට කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි . 23 July 2023
උතුරු නැගෙනහිර ගැටලුවට සර්ව පාක්ෂික සමුළුවක් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 23 July 2023
‘රාජ්‍ය ව්‍යාපාරවලට මින්පසු රජයෙන් සල්ලි නෑ’ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා මුදල් තවදුරටත් නොදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත 23 July 2023
ඔි.අයි.සී.ට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී පැමිණිල්ලක් තමන්ට වාසි සහගත වන ලෙස ඉල්ලා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාට රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයකුපොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය විසින් ඒ මොහොතේම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2023
දී ඇල් ඔයේ මළ සිරුරක් හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ දී ඇල් ඔයේ තිබී තරුණ මළසිරුරක් අද( 23) සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 23 July 2023
හග්ගල රක්ෂිතයේ ගින්නක් නුවරඑළිය, හග්ගල අති සංවේදී දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරය තුළ අද (23) ගින්නක් හට ගෙන ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 23 July 2023
සොරකමේ ගිය හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනාට වැඩ වරදී අතුරුගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක කාමරයකට සොරෙන් ඇතුලු වී එහි තිබූ ජංගම දුරකතන තුනක් සොරාගත් පනාගොඩ යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 23 July 2023
එළවළු බීජ ආනයනය නවත්වන්න යයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින් නතර කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් අරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 23 July 2023
බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක් රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 23 July 2023
ලාෆ් ගෑස්වලට ඇමැති මාසයක් කල්දෙයි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද මාසයක් තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කළ යුතු බව ලාෆ් සමාගමට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 July 2023
මහබැංකු බෝම්බයේ ප්‍රධාන චූදිතයාට නිදහස ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 23 July 2023
ඇල්පිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 23 July 2023
සැකකරුගෙන් ගත් හෙරොයින් පොලීසියට නොදුන් පීසී අත්අඩංගුවට මොරටුව අඟුලාන දෙවට පාරේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාකර බැලීමේදී ඔහු ළඟ තිබිය දී තිබියදී සොයාගත් හෙරොයින් පැකට් හැට හයක් පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර නිවසේ සඟවාගෙන සිටි බව කියන අඟුලාන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2023
තෙල් ලොරිය අධිවෙිගියේ පෙරැළෙයි ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. 23 July 2023
මීළඟ ජනපති ගැන අනාවැකියක් මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 July 2023
හිටපු කොටි සාමාජිකයා වෙඩි වැදී මරුට වවුනියාව නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලීසිය පවසයි. 23 July 2023
සාදයට ප්‍රහාරයක්:තරුණියක් මරුට:9ක් රෝහලට වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි. 23 July 2023
ටෙලි නිලියයි අධ්‍යක්ෂයි ගුටි ඇනගෙන ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි. 23 July 2023
අදත් තැන් තැන්වලට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 July 2023
චෙස් ශූරයෝ දිවයිනට උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 July 2023
ශ්‍රිලනීපයේ තනතුරු වැඩි කරලා ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇත. 23 July 2023
පොහොට්ටුවේ පිරිසකට ඇමැතිකම් ඉල්ලලා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. 22 July 2023
තවත් මවක සහ දියණියක ආගිය අතක් නෑ හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 22 July 2023
මන්ත්‍රී නිවාසයකට භූතයෙක්? මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරයකුගේ නිවෙසක් ඉදිරිපිට පසුගිය ( 19) වැනිදා අළුයම සැකකටයුතු ලෙස හැසිරී ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත. 22 July 2023
ගෘහ සේවයට ගිය සචිනි ද නැෂනල් පුවත්පතට කතා කරයි තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර තරඟයකදී රිටි පැමිණේ ඉසව්වෙන් පදක්කමක් දිනූ ශ්‍රී ලාංකික දියණියක් වීම බව රිටි පැනීමේ ශූරියක් වන සචිනි පෙරේරා මහත්මිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’ද නැෂනල්’ පුවත්පතට පැවැසුවාය. 22 July 2023
එතෙර පොල් තෙල්වලට රුපියල් 25ක බද්දක් දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 22 July 2023
ජනපති රටට තර්ජනය වන කිසිවක් කරන්නේ නෑ නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 22 July 2023
රිෂි සුනාක්ගේ පක්ෂය පරද වේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්රමුඛ කන්සර්වටිව් පක්ෂය පසුගිය දා පැවැති අතුරු මැතිවරණ තුනෙන් දෙකක් පරාජයට පත්විය. 22 July 2023
ලබන වසරේ නිවාඩු ප්‍රකාශයට පත් කරයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර තිබෙනවා. 22 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026