(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ  සහ  රේගු අංගනවල  සිර වී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

විමර්ශන සහ නඩු අවසන් නොකිරීම ඊට ප්‍රධානවශයෙන් බලපා ඇති බවද  වාර්තාවේ දැක්වේ. රේගු විමර්ශන සහ අභියාචනා කෙටි කාලයක් තුළ අවසන් කළ යුතු බව එම කාරක සභා නිර්දේශ   කර ඇත.