
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ බේරාගෙන ඇත්තේ කරුවලගස්වැව නෙළුම්වැව නවෝද්‍ය මධුරංග (24) සහ තමුත්තේගම සෙවුවන්දි සංදීපනී (23) යන නවක විවාහක යුවළක් බවද පොලිසිය කියයි. අතරමංව සිටි නවෝද්‍ය තරංග තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය.
අට වැනි දින අපි ගෙදරින් ආවේ. අපි විවාහ වෙලා මාස තුනක් විතර වෙනවා.අපි ඇවිත් බඹරකන්ද වංගෙඩිගල ආශ්‍රිතව කූඩාරම් ගසා ගෙන සිටියා.ඒ අතර තැනින් තැනට අපි මාරු වුණා . ඒ අතරතුර අපි කැලෑවේ අතරමං වුණා. කැලේ කොයි අතට යන්න ඕනිද කියල හිතාගන්න බැරුව හිටියෙ. අපි සිටි ස්ථානයේ ලොකේෂන් එක පුංචි අම්මට යැවුවා.
ජංගම දුරකථන බැටරි අක්‍රිය වුණා. පසුව පුංචි අම්මා ඒ ලොකේෂන් එක පොලිසියට යවලා තිබුණා ඉතින් හල්දුම්මුල්ල පොලිසිය එක භාවිතයෙන් අපි සිටි ස්ථානය සොයාගෙන ආවා. අ පි රාත්‍රී කළුවරේ ගතකෙරේ වන සතුන් ගෙන් හානියක් වුනේ නැහැ. බිහිසුණු අත්දැකීමක් වුණා. අපිව බේර ගත්තට හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපති තුමා ඇතුළු ඒ නිලධාරීන් සියලු දෙනාටම අපි අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා යැයිද නවෝද්‍ය මධුරංග පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත යුවලට මගෙන් සුබපැතුම් !!! ඔබ ස්ථානෝචිතව බුද්ධිය යොමුකළ නිසා, ජංගම දුරකථනය ඔස්සේ ඔබ සිටින ස්ථානය දැන්වීම නිසා, ජී පි එස් තාක්ෂණය ඔස්සේ ඔබව සොයාගැනීමට පොලිසියේ මහත්වරුන්ට පහසුවුණා. ඔබගේ දුරකථන බැටරිය ආරෝපිතව තිබීම වාසනාවක්. මීළඟ වතාවේ ඔයගොල්ලෝ (මේ " ඔයගොල්ලෝ "කියන්නේ පිටුව බලන අපි ඔක්කෝටම) මේ වගේ දුර බැහැර ගමනක් යනකොට කණ්ඩායමේ සෑම කෙනාටම හොඳින් ආරෝපිත බැටරියක් සහිත ස්මාර්ට් දුරකථනයක් තිබීම අනිවාර්ය කරගන්න. තව පවර්බෑන්ක් එකක්වත් ගෙනියන්න අමතක කරන්න එපා. දුරකථන අනවශ්‍ය විදිහට භාවිතා කරන්න එපා !!! ඔබ සංචාරය කරන ප්‍රදේශය ආශ්‍රිතව ඇති පොලිස් ස්ථාන කිහිපයක දුරකථන අංක සොයා සටහන් කරගන්න. බොහෝ දුරක් වදින විදුලි පන්දමක්, හොඳින් කැපෙන පිහියක්, චූටි ප්‍රථමාධාර පෙට්ටියක්, අමතක කරන්න එපා. ඔබ කැලයක ඇවිදින්න යනවා නම් එදාටවත් මස් වර්ග ආහාරයට ගන්න එපා.. සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා.. ශබ්ද නගා කතාකරන්න එපා, සතුන් කලබල නොවෙන ආකාරයට ඡායාරූප ගන්න. මේ මගේ අත්දැකීම් !!! ඔබට කවදාවත් වරදින්නේ නැහැ. වාසනාවන්ත නව යුවලට යලිත් සුබපැතුම්...!!!
කැලේ ගමනත් පුතෝ ලෙසි පාසු වැඩක් නෙවෙයි. සිහි බුද්ධියෙන්, කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම ගහ කොළට, සතා සීපාවට ආදරෙන් වගේම වනයේ සංස්කෘතියට අනුගත වෙමින්, ඊට ගරු කරමින් කරන්න ඕන වැඩක්. පොලිතීන්, ප්ලාස්ටික්, හිස් අරක්කු බෝතල්, ටින්වල තිබුණු ආහාර ටික කාල, ටින් එක කැලේ දාල එන වගේ කෂඩ වැඩ කරන්න හොඳ නෑ. ඔබ දේපල එසේ නොකරන, සැබෑම සොබා ප්‍රේමීන් නිසා වෙන්න ඕන අතුරු අන්තරාවක් නැතුව වනයෙන් එලියට එන්න පුළුවන් වුනේ. සතුටුයි.
ඔබ කැලයක ඇවිදින්න යනවා නම් එදාටවත් මස් වර්ග ආහාරයට ගන්න එපා.. සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා.. ශබ්ද නගා කතාකරන්න එපා, සතුන් කලබල නොවෙන ආකාරයට ඡායාරූප ගන්න... 100%ක් නිවැරැදියි. කැලෑ ගමන්වලදී සිදුවන්නේ අප සතුන්ගේ අඩවියට යනවා විනා සතුන් අප අසලට ඒමක් නොවේ. එහි දී සුවඳ විලවුන් යනු සතුන් අප අසලට කැන්දන දෙයක්. ශබ්ද නගා කතා කිරීම මගින් සිදු වන්නේත් එයමයි. තවත් අමතක නොකළ යුතු දෙයක් වන්නේ තමන් අඳින ඇඳුමයි. වර්ණවත් ඇඳුම් ඇදීමත් සතුන් තමන් ළඟට කතා කර ගැනීමක්. ජංගම දුරකථන මගින් විහිදෙන ශබ්ද තරංග මීමස්සාට බාධාවක් බවත් විද්‍යානුකූලව සොයාගෙන තිබෙනවා.
මෙහෙම කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ට යන වියදමට සරිලන ගාස්තුව අයකරන ක්‍රමවේදයකට යා යුතුයි.අනික රථවාහන අනතුරු පරීක්ෂණ මුදල් අයකර කල යුතුය.....
නව යුවලට හොඳ අත්දැකීමක්... පස්සේ කාලෙක දරුවොත් එක්ක ආයෙත් ඔතෙන්ට එන්න. සුබපැතුම්..!
නියමයි, හල්දුම්මුල්ල පොලිසිය...