IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


හරක්කටා සී.අයි.ඩීයෙන් පැන යන්න හදලා

(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ දී විශේෂ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලා යමට ගත් උත්සහයක් විශේෂ කාර්ය බළකායේ එම උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු සමග පොර බදා මහත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කර සිද්ධිය වලක්වාගෙන ඇති බව අපරාධ පරීත්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සැකකරුට මේ සදහා සහය දැක් වු බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සිද්ධියෙන් පසු කිසිවකුට නොදන්වා පලාගොස් ඇති බවත්, ඊයේ (11) දින වනවිටත් ඔහු අතුරුදන්ව ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

හරක් කටාගෙන් ප්‍රශ්න කිරීම සදහා පෙරේදා පස්වරු 12.30 ට පමණ ඔහු රඳවා සිටින සිව්වන මහලේ සිට 6 වැනි මහලේ ඇති මහජන පැමිණිලි විමර්ශන ඒකකය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු වැසිකිලියට යාමට අවශ්‍ය බවට දැන්වීමෙන් පසුව පොලිස් කොස්තාපල්වරයකු සමඟ මංචු දමා වැසිකිලියට ගොස් නැවතත් පැමිණෙන අවස්ථාවේ මෙය සිදුව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු වැසිකිලියේ සිට ඉහත පොලිස් කොස්තාපල්වරයා සමග පැමිණ එකවරම එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඟට පැන ඔහු බිම පෙරළාගෙන සැකකරුගේ අතේ තිබු මාංචු කුට්ටම උප පොලිස් පරීක්ෂකවරයා අතට දමා ගිනි අවිය උදුරා ගැනීමට තැත්කර ඇති බවද පැවසේ.

උප පොලිස් පරික්ෂාවරයා සැකකරු සමග පොරබදිමින් ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර, සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකරු වන හරක් කටා මෙල්ල කර අල්ලාගෙන ඔහු ඉවත රැගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

වැසිකිලියට රැගෙන ගිය සැකකරු නැවත කැඳවාගෙන එන අතරේ දැනට පලාගොස් සිටින සැකකාර කොස්තාපල් සැකකරුට මංචු යුගළට අගුල් නොදමා එය ලිහිල්ව රැගෙන එන්නට ඇති බවත්, ඒ අනුව ඔහු පැමිණි වහාම එකවරම උප පොලිස් පරික්ෂකවරයාගේ ඇගට පැන ඇති බවඳ පැවසේ.

ඉරිදා නිවාඩු දිනයක් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිගයක් පවතින බැවින් ඒ බව දැනගෙන සියල්ල සැලසුම් කර සැකකරු මේ ආකාරයෙන් පලා යාමට සැලසුම් කර ඇති බවට සැකකරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

උප පොලිස් පරික්ෂකවරයාට වෙඩි තබා ඔහුගේ ගිනි අවිය රැගෙන පලා යාමට සුදානමින් සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

හරක් කටාට පැනයාමට උදව් කිරිමට උත්සාහ කළ බව කියන අදාළ පොලිස් කොස්තාපල්වරයා සෙවීමට ඔහුගේ ගම් ප්‍රදේශය වන ත්‍රිකුණාමලයට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ගොස් ඇතැත් ඔහු නිවසේ ද සිට නොමැත.

මෙම ප්‍රශ්න කිරීම සදහා 8 දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් සිට ඇති අතර, උප පොලිස් පරික්ෂවරයා ආරක්ෂාව සිට ඇති බව වාර්තා වේ.

නිල නොළත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ දැනට අතුරුදන්ව ඇති කොස්තාපල්වරයා සිද්ධිය වීට පෙර නිලධාරීන්ට තමන් ගමෙන් රැගෙන ආ බව පවසා කිරිටොෆි වර්ගයක් ද එම මහලේ සිටි නිලධාරීන් අතර බෙදා දීමක් ද සිදුව ඇති බවයි.

එය තිත්ත ගතියකින් යුත්ත වීම නිසා නිලධාරින් ඒවා ආහාරයට ගෙන නොමැති අතර, පසුව ඔහු තේ සාදා නිලධාරීන් වෙත ලබා දී ඇත.

එම තේ පානය කිරීමෙන් පසුව නිලධාරීන් මත්ගතියක් මෙන්ම, හිසේ කැක්කුම් හටගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ සමග සමගම හරක් කටාට වැසිකිලි යාමේ අවශ්‍යතාව දැනී ඇති අතර සැකකාර කොස්තාපල් ඔහු වැසිකිලිය වෙත රැගෙන ගොස් මාංචු ලිහිල් කර නැවතත් රැගෙන එන අතරේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල් සිද්ධියෙන් පසුව පලාගොස් ඇති අතර, ඔහු වෙනත් කොස්තාපල්වරයකු ජංගම දුරකතනය ද සොරාගෙන පලා ගොස් ඇති බවද වාර්තා වේ. සැකකරු රැදී සිටි තණිකඩ භට නිවාසය පරික්ෂා කිරීමේ දී එහි ඇදුම් අතර මත්පෙති වර්ගයක් තිබී ඇති අතර ඔහු මෙම මත්පති යොදා නිලධාරීන් තේ හා කිරිටොෆි ලබා දෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

ඒ අනුව මෙම පෙති හා කිරිටොෆි රජයේ රස පරික්ෂකවැරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත.

 



අදහස් (6)

හරක්කටා සී.අයි.ඩීයෙන් පැන යන්න හදලා

කිරිපුතා Monday, 11 September 2023 08:00 PM

ඇමැති කෙනෙකුත් ඉන්නවනේ මෙයාව බේරගන්න...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 11 September 2023 08:19 PM

මේ රහස් පොලිසියේ තවත් එක නාඩගමක් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් රටේ ඉහළ ආරක්ෂාවක් තියෙන රහස් පොලිසියේ මූලස්ථානය තුළදී ආරක්ෂාවට අවිආයුධ අත දරාගෙන සිටින සියලුම පොලිස් නිලධාරින්ව ඝාතනය කර හෝ පහරදී යටපත්කර එතැනින් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතුණු හරක් කටා පිස්සෙක් විය යුතුයි... නැත්නම් අමු මෝඩයෙක් විය යුතුයි.

:       0       0

Roshan Monday, 11 September 2023 10:08 PM

අයියෝ චික් විතරක්... මාතෘකාව දැක්කාම මම හිතුවේ ආයුධ පෙන්නන්න එක්ක ගියා වගේ සීන් එකක් කියලා... චික් ඕකට වෙඩි තියලාම දැම්මා නම් ඉවරයිනේ...

:       0       0

Bamunuarachchi Tuesday, 12 September 2023 08:43 AM

ඔය අල්ලපනල්ලේ වෙඩි තියා දැම්මා නම් වැඩේ ක්ලෝස් කරන්න තිබුනා. ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජන අරන් නැහැ.

:       0       6

ravinTuesday, 12 September 2023 03:09 PM

එතකොට අර බලය අයුතු ලෙස යොදාගෙන බලපෑම් කරන ඇමැතියාටයි... පුතාටයි, මානව හිමිකම් ලෙහෙසියෙන් යන්න පුළුවන් වේවි නේද? මානව හිමිකම් කැඩෙනවා කියලලු ඉන්ටපෝල් අනික් කට්ටිය කුදලලා බාරදෙන්නේ නැත්තේ?

:       0       0

Nalins Tuesday, 12 September 2023 11:25 AM

මරණ දඩුවම දෙන්ඩ ඔනෙ දෙන්නටම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site