
(අමදෝරැ අමරජීව හා සුගත් බද්දේ ගෙදර)
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට වල් අලි කඩා වැදී ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ බිත්ති වලට දොරට හා ආරක්ෂිත කම්බි දැලට මෙලෙස හානි කර ඇති අතර මේ හේතුවෙන් සිසුන්ගේ නිර්මාණවලට මෙන්ම සිසුන්ගේ උපකරණ වලටද හානි සිදුවි තිබේ.
විදුහල්පති ඉෂාර මංජුල ප්‍රියන්ත මහතා පැවසූයේ හානිවු ගොඩනැගිල්ලේ පංති පවත්වාගෙන යැම අවදානම් බවයි.මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය හා වන ජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කල බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාත්වල මිනිස්සු දුප්පත් නිසා..., අලි ගැහුවාට කමක් නැහැ...
හැමදාමත් එකම දේ... අහිංසක මිනිසුන් විනාශ කරන්නේ අලිම තමයි...