(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.
කැස්බෑව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව යතුරුපැදිය සොයාගෙන ඇත.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරය ඔහුගේ වම් අතේ කිහිලි ප්‍රදේශයට සහ කලවා ප්‍රදෙශයට එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෙරේදා ඔහු ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.
එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය රත්මලාන බොරුපන, මාර්ගය හරහා බෝකුන්දර ට පැමිණ අලුත් පාර ඔස්සේ කැස්බෑවට නගරයට පැමිණ බණ්ඩාරගම මාර්ගයේ හොරණ දෙසට ගොස් ඇති බව සීසීටීවී දර්ශන අනුව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී