
(යොහාන් භාසුර)
හංගේරියානු රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකෙරෙමින් පැවති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිරිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
හංගේරියානු රජය හිටිහැටියේ මූල්‍යධාර අත්හිටුවීම හේතුවෙන් එම පාලම් දෙකේ ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවූ බව කී වීරකෝන් මහතා කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආණ්ඩුවේ මුදල්වලින් ඉදිරිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අත්හිටුවන විට සමස්ත පාලමෙන් සියයට 95 ක පමණ ඉදිරිකිරීම් අවසන් කර තිබූ බවත් එම පාලමේ ඉදිකිරීම් පසුගිය ජූලි මස අවසන් කිරීමට නියමිතව තිබූ බවත් වීරකෝන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි පාර නතර කළාට අපිට වන්දි ගෙවන්න වුණා. දැන් මේකට අපිට වන්දි ඉල්ලන්න බැරිද?
කෙරෙන හොරකම් අහුවෙලාවත්දෝ? වැදගත්ම දේ තමයි ආධාර මුදල් නතර කිරීමට හේතු සාධක දැනගන්න එක.
ජරාව කාල අහුවෙන්න ඇති.නැතිව රජයක් ආධාර නවත්තන්න හේතුවන වෙන කරුණක් නෑ නේද.