
ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය.
ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වාර්තාවේ නිර්දේහ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාක්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති අතර එහිදී එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ඒ බව සඳහන් කළේය.
ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කරක සභාවේ නිර්දේශ මත සිදු කළ වැටලීම්වලින් ඉක්තු සතිය වන විට ව්‍යාජ අරක්ෂක ස්ටිකර් සහිත මැති බෝතල් 48,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ද මන්ත්‍රිවරයා කියා සිටියේය.ඉන්දියානු සමාගමකට ආරක්ෂක සිටිකර් මුද්‍රණයට අවසර දී ඇත්තේ 2018 වසර් වන අතර මේ දක්වා වසර පහක කාලය තුළ ව්‍යජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීම්වලින් රුපියල් කෝටි 4ක දඩ මුදලක් අයකරගෙන ඇතැ බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙහෙම රටක්, සාමාන්‍ය කෙනෙක් හොර මුද්දරයක්, ලියවිල්ලක් හැදුවොත් නීතිය කොහොමද? ව්‍යාජ ලියවිලි යටතේ අපරාධ නඩු. මෙතැනදී එහෙම නැතිව දඩ නැත්නම් හොරු සමග එකඟතා, මේක උපතින්ම හොරකම අරගෙන එන සහ ඒවාට උදව් දෙන ජනතාවක් ඉන්නු රටක්, ඒකටම හරියන්න නිලධාරි සහ දේශපාලඥයින්, හරියන රටක් නෙවෙයි. හොරකම ජානගත වෙලා...
හරියට ගණන දැනගන්න ඕනේ නම් එතනෝල් ගැනම අහන්න.
බොන්නේ සහ පොවන්නේ අරක්කු ඒකේ නීත්‍යානුකූලද?, නීත්‍යානුකූල නොවේද? කියා අර්බුදයක්. මේක තරමක් ගැඹුරින් බැලුවා නම්, මේක රජයේ අනුමත වසද?, අනුමත නොවන වසද? යන ගැටළුක් තමයි මෙතැන තියෙන්නේ. මේවා ජීවත්වීමේ අරඟලයේ සිටින සාමාන්‍ය ජනතාවට අදාලම නැහැ.