(යොහාන් භාසුර)
කොළඹ දුම්රිය අංගන 5හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.
දුම්රිය අංගනවල සේවයේ නියතු දුම්රිය සේවකයන්ගේ දිරි දීමානා මාස කිහිපයක සිට නොගෙවීම මත එම සේවකයන් අද පෙරවරුවේ වෘත්තීය ක්‍රියාමාර්ගයක අවතීර්ණය විය.
ඒ හේතුවෙන් පෙරවරු 10.00 පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර අතර කොළඹ කොටුව සිට මහනුවර බලා පෙරවරු 10.40 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ටිකිරි මැණිකේ’ දුම්රිය ද එයට ඇතුළත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර නටන තෙක් නටන කකුළුවන් සේ ඔය වැඩ වර්ජන කකුලුවන්ට රඟන්න ඉඩ දෙන්න. දුම්රිය පුද්ගලීකරණය ළඟ ළඟම එනවනේ...
ප්‍රයිවෙට් කරන්නම ඔනෙ , මෙයාලගෙ වැඩෙම ඔක තමයි , පොඩ්ඩ වරදින්න බැහැ ස්ට්‍රයික් කරනව.