IMG-LOGO

හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිව්ල් ආරක්ෂක භටයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරු ස්වේඡා ගුරුවරුන් සදහා 2011 වසරේ යාපනය පුස්තකාලයේ පැවැති තරඟ විභාගයකට මොහු මෙම ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර එම සම්මුඛ පරික්ෂණ සමත් වී ගුරු පත්වීම ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

එම පත්වීම අනුව වසර කිහිපක් පුරා පාසල ගුරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

2019 වසරේ ස්වේඡා ගුරුවරුන් ස්ථිර කිරීමේ දී මොහුට සේවය කර ස්ථිර කර මුලතිව් කළාපයේ පාසලකට අනුයුක්ත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

2023 වසරේ ඔහුට උස්සවීමක් ලබා දීම සදහා විභාග දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ අධ්‍යාපනය සුදුසුකම් පරික්ෂා කිරීමේ දී ඔහු ලබා දී ඇත්තේ ව්‍යාජ අධ්‍යාපනය සහයක් බවට හෙළි ඇත.

උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකට කළ පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පදවිය ප්‍රදේශයේ පදිංචි (40) පුද්ගලයකු බවත් සිවිල් ආරක්ෂක භටයකු වශයෙන් සේවය කරමින් සිට ව්‍යාජ අධ්‍යාපනය සහතික ඉදිරිපත් කර මොහු ගුරු සේවය එක්ව ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site