
(අංජුල මහික වීරරත්න)
ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලැබූ ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක් විසිර ගියහ.
අධ්‍යාපන අමාත්‍යංශයේ කෘෂිකාර්මික නිපුණතා සභාව යටතේ ඔවුහු පුහුණුව ලැබූහ.
සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විසිරයාමේ උත්සවය පැවැත්විණි.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ඩ්‍රෝන භාවිතය, ඩ්‍රෝන මෙහෙයුම් සහ නඩත්තුව, ගුවන් දත්ත රැස්කිරීම, දුරස්ථ සංවේදනය, භූමි සංගණනය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳව මොවුන් පුහුණුව ලැබූ බව කෘෂිකාර්මික නිපුණතා සභාව පවසයි.
ප්‍රධාන උපදේශක ලුතිනල් කර්නල්( විශ්‍රාමික) රසික කහඳගමගේ මහතා මෙම පාඨමාලාව මෙහෙයවයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර මිල අඩු කරන්න .අපට අතින් පොහොර ටික දමාගන්න පුළුවන්
නියමයි... රසික ඇතුළු සියලු දෙනාටම ජය?