එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම දැනුම් දුන් බව, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ පැහැදිලිව සදහන් වී ඇත්තේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව යැයි ද නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් අවධාරණය කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදුකළ යුතු බවට මානව හිමිකම් මහකොමසාරිස්වරයා නිර්දේශ කර ඇති බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සැසිය අමතමින් වැඩි දුරටත් කියා සිටියාය.
එම පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසත් එය විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බවත් පාස්කු ප්‍රහාරයේ සියලුම වින්දිතයන් ඊට ඇතුළත් විය යුතු බවත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය.
මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද වාර්ෂික වාර්තාවේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් කරුණු පැහැදිළි කර ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා මෙම වගවීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් සකස් කළ වාර්තාවේ සදහන් ඇත.
මීට අමතරව, ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සිදුවී වසරක් ගතවුව ද දිගුකාලීන අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ, බලාපොරොත්තු වූ පරිදි පරිවර්තනයක් තවමත් ශ්‍රී ලංකාවේ සිදුව නොමැති බව ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්ෂික වාර්තාවේ සදහන් කර තිබේ.
සත්‍ය සෙවීම පමණක් නොව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද පැහැදිළි කැපවීමක් දේශපාලන යාන්ත්‍රණය තුළ තිබිය යුතු බව ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය
A Truth Finder Tuesday, 12 September 2023 12:04 PM
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා රජය කවදාවත් එහෙම කරන්නේ නැහැ. UNHCR විසින් එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය මත ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර එසේ කිරීමට ශ්‍රී ලංකා රජය ICC වෙත යොමු කළ යුතුය.