නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 24 July 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් 2022 වසරේ රුපියල් බිලියන 1.65ක ආදායමක් උපයා තිබේ. 24 July 2023
බලංගොඩත් ඝාතනයක් බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි . 24 July 2023
කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කරලා ධාවනාගාර සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) පෙරවරුවේ ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කළ බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 24 July 2023
රාජකාරියට බාධා කළ කතුන් දෙදෙනා අත්අඩංගුවට බීමත්ව වෑන් රථයක් පදවාගෙන යමින් සිටි බව කියන රියදුරකු එක පිට අත්අඩංගුවට ගෙන ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ එම වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයෙකුගේ නිල ඇඳුමෙන් ඇද එම නිලධාරියාට පහර දී තුවාල සිදු කළේ යැයි කියමින්එම කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි. 24 July 2023
ගාලු මුවදොරදී දැරියක පැහැරගන්න හදලා මව සහ පියා සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණසිටි අවුරුදු හතක් වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියනපුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 24 July 2023
පුතාගේ ආරවුල පියාට මරු කැඳවයි තංගල්ල කුඩාවැල්ලේ නිවසකට පැමිණි පිරිසක් නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 24 July 2023
සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මාසේ මුල චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇනවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය. 24 July 2023
අද වහින තැන් මෙන්න බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 July 2023
කුඹුරු අක්කර 50 පීදෙන ගොයම වැනසෙයි බුලත්සිංහල කොබවක කුඹුරු අක්කර 50 කට පමණ වැළඳුන හඳුනා ගත නොහැකි රෝගයක් හේතුවෙන් බන්ඩි ගොයම කහ පැහැ ගැන්වී විනාශ වෙමින් පවතින බව ගොවීහු ප්‍රකාශ කරති. 24 July 2023
ළමා නිවාසයෙන් දැරියෝ තිදෙනෙක් පැන යති ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි අවුරුදු 16 වයසේ පසු වන බාල වයස්කාර ගැහැනු ළමයින් තිදෙනකු එම ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලිසිය පවසයි. 24 July 2023
දුම්රිය රියදුරු වර්ජනය දුම්රිය ධාවනයට බාධා දුම්රිය රියදුරු සංගමය ඊයේ (23) හිටිහැටියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24) පෙරවරුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 24 July 2023
කොළඹ ව්‍යාපාරිකයෙක් තට්ටු ගොඩනැගිල්ලකින් වැටී මරුට තරුණ ව්‍යාපාරිකයකු කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් අද (23) දහවල් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි. 23 July 2023
ලෝකෙටම තුනයි:එකක් කෝටි 918යි ශ්‍රී ලංකා රුපියල් කෝටි 918 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 28) වටිනා රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ප්‍රථම වරට ඩුබායි හි මාර්ගයක ධාවනය වන අයුරු පසුගිය ද කැමරා ඇසට හසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 23 July 2023
ජපන් විදේශ ඇමැති මේ මස අග මෙරටට ජපන් විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක නිල සංචාරයක් මෙම මස අගදී ආරම්භ කරන බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත. 23 July 2023
ඇල්ලේ ගින්න නිවන්න හෙළිකොප්ටරුත් ඇල්ල ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසල රක්ෂිතයේ හටගෙන අති ගින්න මේ වනවිට අක්කර සියයක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි වාර්තා වේ. 23 July 2023
ඒත්තුකාල මූහුදේ තිදෙනක් සැඟ වෙති ඒත්තුකාල වෙරළ තීරයේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය තරුණයන් පිරිසකගෙන් තිදෙනකු අද 23 දහවල් අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි. 23 July 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අද (23) දිනයේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පවසයි. 23 July 2023
පානදුර මුහුදේ සිසුවෙක් සැඟ වෙයි පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ අද පස්වරුවේ දියනැමට ගිය සිව්දෙනකු අතරින් පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 23 July 2023
උඩවලව සිඳීමෙන් සීනී කර්මාන්තයට බාධා උඩවලව ජලාශයෙන් පරිභෝජනය සදහා සහ වගා කටයුුතු සදහා ජලය ලබා දිය නොහැකි තත්වයට ජලාශයේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සදහා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි කියති. 23 July 2023
පොහොට්ටුවෙන් අස්වැසුම ගැන ජනපතිට ලිපියක් රජයේ ප්රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත. 23 July 2023
එප්පාවල ගොවීන්ට දුන් උපකරණ වසර ගණනක් තිස්සේ ගබඩාවල රජයේ ආධාර යටතේ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට ලබාදුන් නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් වසර ගණනක් තිස්සේ දිරාපත්වන්නට ඉඩ හැර තිබියදී සොයාගත් බව නව නිලධාරී මණ්ඩලය කියයි. 23 July 2023
‘‘කෝටි 4100 රක්ෂණය නවතන්න හදනවා‘‘ බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100ක සහන මුදල වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක ව්‍යවසාය සංගම චෝදනා කරයි. 23 July 2023
අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි 23 July 2023
ජනමාධ්‍ය වාරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති සටනට සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 23 July 2023
මනිපූර් හිංසනය ලොව කලඹයි ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත. 23 July 2023
රජයේ පාසල් දෙවැනි වාරය හෙට ඇරඹේ රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ 1 වැනිදා අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 23 July 2023
එක්දරු මව වන අලියාට බිලි වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්ව පරංගියාවාඩිය නබඩවැව 39 හැවිරිදි කාන්තාවක් අද (23) මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය පැවැසීය . 23 July 2023
ආරුක්කු නවය පාලම දෙසට ගින්නක් පැතිරෙයි ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුදහමුදාව පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරමින් සිටිති . 23 July 2023
රෝහල්වල ඖෂධ බාල දැයි හොයන්න විමර්ශනයක් රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතා කෙරෙන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 23 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026