
(යොහාන් භාසුර මහින්ද නිශ්ශංක සහ තිලකරත්න දිසානායක)
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.
ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු අභ්‍යාස ආයතනයේ ඉෙගනුම ලබන ඉංජිනේරු සිසුවෙකු බව තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.
එම තරුණයා දුම්රිය වහලය මත සිටියදී හොරප දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී ඇති බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. දුම්රිය රියදුරන් අද ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව මෙසේ අනතුරුදායක ලෙස දුම්රිය භාවිතා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූපය: රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය - ෆේස්බුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕනා දුම්රිය වර්ජකයෝ නොවෙයි වැඩ බැරි දුෂ්ඨ දූෂිත පාලකයොයි උන්ට ආවඩන උන් සමග හවුලේ හොරා කන නිළධාරින් යයි කියන කල්ලියයි. මේ තරම් රට ප්‍රපාතයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුව මේ කල්ලි දෙකේ දූෂිත මජර පාලන ක්‍රමයයි. ඒ නිසා අද රාජ්‍ය සේවකයා පමණක් නොවේ පෞද්ගලික අංශයේ සේවකයා, කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍වසායකයා ධීවරයා ගොවියා වගේම පාසල් සිසුවා දක්වා සමාජය දැඩි පීඩනයකට,ආතතියට හා අසහනයට පත්වෙලා තිබෙනවා. ඒ එක් අතකින් තමන්ට දරා ගන්න බැරි තරමට ආර්ථික හා සමාජීය පීඩනයකට ඔවුන් ලක් කර ඉහත සදහන් කල්ලි දෙක මහජන මුදල් හා සම්පත් හොරකම් කරමින් අවභාවිත කරමින් සුරසැප විදිනවා බැවින්.එය වෙනස් කරන තුරු මෙවැනි සමාජිය නොසන්සුන්තා හා අපරාධ සිදුවනු ඇත.
බොහොම කනගාටුදායක මරනයක්. බෙහෙවින්ම ඇනතුරුදායක වූ මෙවනි ගමන් කිසිසේ අනුමත කල නොහකිය. ඔහුට මෙයට වඩා බුද්දිමත් ලෙස කටයුතු කරන්ට තිබුනා.
අවුරුදු 18න් විශ්වද්‍යලයට යන්න බෑ. උසස්පෙල පලමුවර සමත් වෙලා ගියත් වයස 20ක් වෙන්න ඔන
සියළුම ආකාරයේ වර් ජකයන්ට සාපවේවා
සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකකරනය කරනු
ඉතාම සෝචනීය පුවතක් .හැබැයි "දුම්රිය වර්ජකයෝ "මේ ළමයාගේ ජීවිතේ බිලිගත්තානම් ,බෙහෙත් ඉස්පිරිතාලෙට ගිහින් බාල බෙහෙත් නිසා මැරුණ අහිංසකයෝ මැරුණේ කාගේ වරදින්ද ?
එතකොට 12 වෙනිදාම තව එක්කෙනෙක් බම්බලපිටියේදී වැටිලා මරුනා එහෙම නැතිනම් කකුල් දෙකම නැති උනා .ෆුට් බෝඩ් යන්න ගිහින් ...එයා කවුද ?
උගත් උනත් බුද්ධියක් නෑ
වැඩ වර්ජනය කරනවානම් සතියකට කලින් ජනතාවට හා රජයට දැනුම්දිය යුතුයි කියා නීති සකසන්න .එසේ නැතුව වැඩ වද්ජනය කලොත් වැඩ වර්ජනය කරන එක් දිනකට සතියක වැටුප් කපන්න
වර්ජකයන් සේම ඊට උඩ ගෙඩි දෙමින් තම දේශපාලන මතවාදය වෙනුවෙන් කොමෙන්ටු ලියන්නන්ට මෙම පාප කර්මයෙන් ගැලවිය නොහැකිය. තමන්ගේම මඩිය ගැන පමණක් සිතමින්, වගකීම් පිලිබඳ කිසිම සැලකිල්ලක් නොදක්වන මේ නොසන්ඩාල වර්ජකයන් මෙල්ල කරන්න කිසිවකුත් නොමැති වීම රටේ අවාසනාවකි. දුම්රිය පුද්ගලීකරණය ඉක්මන් වේවා!
මේවට වග කියන්න ඕන රටේ ගොන් පාලකයෝ .සැලැස්මක් නැති,නීතියක් නැති ගොන් හැත්ත
දුම්රිය සේවකයන්ට වැටුප් ,දිරි දිමනා ,උසස්විිම් නොදි වැඩ ගැනිම පමණක් අනුමත කරන්න බැහැ .විරැද්ධ අදහස් ලියා ඇති අය ඒ රැකියාවම කලා නම් ඔවුනුත් එහෙම තමයි . රටේම ජනතාව පීඩනයට පත් කර ඇති මේ ජඩ පාලකයන් පන්නන්න එකතුවෙමු .එයයි අපගේ කාර්ය
ජරා ආණ්ඩුව , මිනිහෙක් මැරුවා
ඉංජිනේරු ශිෂ්‍යයෙක් වෙලත් මේ වාගේ අනතුරුදායක තැන් වල ගමන් කරනවද. දැන් තියෙන අධ්‍යාපනයේ දියුණුව පේනවනේ ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ බුද්ධියේ තරම..... ඔබතුමාට නිවන්සුව පතමු.
එතකොට 259 ක් බිලිදුන්න උන්!
අරුණ බටුගෙදර මහතාගේ අදහසට එකඟ විය නොහැකියි. ලංකාවේ ඉතාමත් අකාර්යක්ෂම හා විනාශකාරී ආයතනයන්ගෙන් ප්‍රමුකස්ථානය දුම්රියට හිමි වන බව නොරහසක්. ඒ අනුව රජයේ දෙපාර්තමේන්තුවක් වන මෙහි නිලධාරීන් මෙන්ම සේවකයන්ද බඩේ රුජාවක් හැදුනද වර්ජන කිරීමට පෙලඹීම අනුමත කල හැකිද. අකාර්යක්ෂමතාවය මත අධික සම්පත් නාස්තිය අනුමත කල හැකි වේද. මෙහි ආයතන ප්‍රධානීන් සාකච්ඡාවට ඉඩක් නොදෙන ඒකාධිපතියන්ද. එසේම සේවකයින් තම වෘතිතීය සමිති බලයෙන් සියල්ලන් යටකරගෙන සිටිත්ද. මේවා මුල සිටම ක්‍රමානුකූලව සොයා බැලිය හැකි ප්‍රතිපත්ති සම්පාධකයින් මෙන්ම නිලධාරීන් වහාම අවශ්‍යව ඇති බව තොරුම් .ත යුතුව ඇත.
කාලකන්ණි දුම්රිය සේවකයින් ට ලැබෙන පඩියට වැඩකිරීමට නොහැකිනම් , ඔවුන් තමාට ගැලපෙන වැටුපකට සුදුසු රැකියාවක් සොයාගැනීම විනා , තරුණ ජීවිත බිලිගැනීම නොකලයුතුය. මෙම වර් ජන මෙහෙයවන දේශපාලකයන්ටද සාප වේවා .
ගන්න පඩියට වැඩකරන්න බැරිනම් අස්වෙලා පලයව් කාලකන්නි
කෝච්චි 60ක් පාලනය කරගන්න බැරි පොයන්න අල් නයන්න නයන්න ආණ්ඩුව
රටක් පාලනය කරන පාලකයා රටේ මහජන මුදල් හොරා කනවිට අවභාවිතා කරන විට ඊට එරෙහි වන්නට තරම් ආත්ම විශ්වාසයක් නැති නිවට ජනයා, ඔවුන්ගෙන් ලැබෙන සුළු, සුළු වාසි වෙනුවෙන් වෙනුවට පාලකයන්ගේ වැරැදි වලට හා හොරකම් වලට එරෙහිව ඝෝෂා කරන්න අවලාද නගන්න යුහුසුළු වෙනවා. ඔවුන්ගේ සැබෑ වුවමනාවන් වනු ඇත්තේ රට විනාශකළ පාලකයින් තවදුරටත් බලයේ තබාගෙන මෙම රට මහා විනාශයක් කරා රැගෙන යාම විය යුතුයි...!
කාලකන්නි JEPPO.. රට කනවා.
මේ වගේ මරණයකිනුත් ජෙප්පන් හදන්නේ වාසියක් ගන්න. ආණ්ඩුව පන්නලා ජෙප්පන්ට බලයට එන්න ආසා ඇති...
තමන්ගේ රාජකාරිය කරන්ට වැටුපට අමතරව "දිරි දීමනා" දෙන්ට ඕනේද?
අපේ රට හෙට එකම එක සුරපුරයක්... උතුරු කොනින් එන්න... දකුණු කොනින් එන්න.
දේශපාලුවන් ජනතාවට උරුම කර දී ඇති රටක ශෝකාන්තය...!
මමත් මේ දුම්රියේ හිටියා. වර්ජනයක් තිබෙනවා කියලා දැනගත්තේ පස්සේ... දුම්රිය රඹුක්කනින් එහාට වෙනදා නවත්වන්නේ නෑ. අද හැම තැනම නවත්තලා පොල් පටවනවා වගේ සෙනග පටවා ගත්තා. මට නිකමට හිතුණා කවුරුහරි මේකෙන් වැටෙයි කියලා. දුම්රිය සේවකයෝ කියන්නේ කාලකණ්ණි. අනික් රජයේ සේවකයෝ මේ වගේ හැසිරෙන්නේ නැහැ...
මේ වගේ ගහෙන් ගෙඩි එන වර්ජන කරන්න... කවුද බලය දුන්නේ... අර ලලිත්, J R 80 කළා වගේ නොකරන එකේ ප්‍රතිඵල... සේවකයින් පඩි ඉල්ලන්නේ ජනතාවට බදුබර වැඩි කරන්න කියන එකමයි... ආණ්ඩුව ගෙදරින් ගේන්නද? මේවා විකුණලා දාන්න රජය සතු ආයතන 5ක් 6කට වඩා තියාගෙන වැඩක් නැහැ...
මාලිමාවට නිවන් සුව ලැබේවා...!
කණගාටුදායක පුවතක්. හැබැයි ආණ්ඩුව මේකෙන් හරි ලස්සනට තමන්ට වාසි විදියට පුවත් හදනවා. මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙයි.. තමන්ගෙ බැරිකමේ හෙළුව වහගන්න. ඒ වගේම මේ මරණය නොසැලකිලිමත්කම නිසා වුණු අනතුරක් බවත් කියන්නම ඕනේ...!