IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෙල්ලන්විල වනජීවියේ සිටි කළු වඳුරු පැටවු සොරකම් කරලා

(   එච් එම් ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බෙල්ලන්විල අත්තිඩිය  වන ජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිවුදෙනකු  සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි.

එම මධ්‍යස්ථානයේ වනජීවී අඩවි සහකාර මාධව මිහිර කුඹුකගේ  මහතා එම පැමිණිල්ල සිදුකර ඇත.

ඉකුත් සෙනසුරාදා අළුයම 03:30 අතර කාලයේදී මෙම සොරකම සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

වඳුරු පැටව් සොරකම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු වඳුරන් තබා තිබෙන කුටිය තුළට පැමිණ සිටින අන්දම එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවල දක්නට ලැබෙන අතර ඔවුන් මෝටර් රථයකින් පැමිණි බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මෙම අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි. වනජීවි හදිසි ඇමතුම් අංකය 1992 පුනුරුත්තාපන මධ්‍යස්ථානය 0113604147



අදහස් (1)

බෙල්ලන්විල වනජීවියේ සිටි කළු වඳුරු පැටවු සොරකම් කරලා

Perera Tuesday, 12 September 2023 03:37 PM

ලබන ජනාධිපතිවරණයට තරග වද්දන්න සූදානම් කරන්න වෙන්න ඇතිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site