(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය.
කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවත් බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියදුරන් වර්ජනයට එකතු වීමේ අවදානමක් ඇති බවත් සේනානායක මහතා කීය.
ප්‍රවාහන අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පිළිගත් ද විසඳුමක් නොදීම ගැටලුවක් බව ද දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා වැඩි දුරටත් සඳහසන් කළේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය රියැදුරු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු