(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධික බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින වෘත්තිකයන් ඇතුළු පිරිස්වලට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹන බව මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පැවසූහ.
මේ අතර උපයන විට බද්ද ඉදිරි අයවැයේදී සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමට එම ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇතැයි එහි සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
උපයන විට බද්ධ සංශෝධනය විය යුතු ආකාරය ගැන සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස එම කාරක සභාව වෘත්තීය සංගම්වලට දැනුම් දුන්නේය.
බදු ගැටලුව නිසා වෘත්තිකයන් රට හැර යෑම බරපතල ගැටලුවක් බව පවසන කමිටුව මෙම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව රජයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දෙන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවූ පිරිස සම්බන්ධ කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ වශයෙන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ( Bulk Registration) ආරම්භ කෙරෙන බවද ඔවුහු සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුවලින් තැලෙන්නන්ට සහන මල්ලක්
prasanna Tuesday, 12 September 2023 02:44 PM
සේවක පඩි වැඩි කිරීමක් කරන්න ඕනෑ. රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකේම... විශේෂයෙන්ම පුද්ගලික අංශවල වැඩකරන ජනතාව ගැන මුලින්ම බලන්න ඕනෑ. මේවල ඉන්න හාම්පුතාලා ලෝකයෝ...
නිමල් Tuesday, 12 September 2023 04:37 PM
අවුරුදු ගානක් අතේ තියන් හිටි පර්මිට් එකට වාහනයක්වත් ගෙන්නන්න දෙන්න මේ ටිකට ගෙවූ බදු ටිකවත් අඩුකරලා...!
Nimal Wednesday, 13 September 2023 08:25 AM
බදු වැඩිකරලා, ආයේ සහන දෙනවට වඩා, බදු අඩු කළා නම් ඉවරයි. මොන තියරිද අප්පා මේවා...
Keerthi Thursday, 14 September 2023 10:52 AM
මේ බදු ගැහිල්ල නිසා වෙලා තියෙන්නේ හරියට හම්බ කරන කෙනාට කෙලවෙලා යන අතර වැරදියට හම්බ කරන කෙනාට මොන බද්දදක්වත් නැත.