IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වට්ටක්කා ගොවීන්ට හතේ හත

(චාපා මධුභාෂිණී)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

වට්ටක්කා කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 40-45 පමණ මුදලක් වැය කරන නමුත් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වට්ටක්කා කිලෝවක් සඳහා රුපියල් 20-25 වැනි ඉතා අඩු මුදලක් බව ගොවීහු කියති.

ගොඩ බෝග වගාවක් ලෙස හබරණ, පුවක්පිටිය, ආසිරිගම, මහමීගස්වැව, නාමල්පුර, හල්මිල්ලෑව, රඹෑව සහ පඩිකාරමඩුව යන ප්‍රදේශ රැසක ගොවි පවුල් 1000 වැඩි පිරිසක් සිය ජීවන වෘත්තීය කරගෙන යනු ලබන්නේ වට්ටක්කා වගාවයි.

මෙම ගොවි මහතුන් මැදකන්නයේ වගා කර ඇති රාජා වර්ගයේ වට්ටක්කා බීජ මිලි ග්‍රෑම් 100ක් මිලදී ඇත්තේ රුපියල් 11 600 වැනි මුදලකටය. ග්‍රෑම් 100 බීජ වැපිරීම තුළින් අස්වනු ලෙස වට්ටක්කා කිලෝ 3000 – 4000 පමණ නෙලා ගන්නා බවත් ඔවුන් අප වෙත වැඩිදුරටත් නියන්නට විය.

බීජ වැපුරූ දා සිට රුපියල් 50,000 වැඩි මුදලක් වැය කරමින් පොහොර ආදිය යෙදීම සිදු කරන බවත් පසුව වගාවට ජලය පොම්ප කිරීමට පමණක් ඒක් කන්නයකට ඉන්ධන සදහා රුපියල් 50,000 පමණ මුදලකුත් කුලිවැඩට රුපියල් 20,000 පමණ වැය කරයි.

අස්වනු නෙළීමේ සිට ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාම සඳහා අමතරව රුපියල් 25,000සක් පමණ දැරීමට සිදු වේ. එතරම් මහන්සියෙන් වගා කර ගත් වට්ටක්කා කිලෝව රුපියල් 20-25 අලෙවි කිරීමෙන් තමන්ට බීජ වියදම සහ තමන්ගේ මහන්සියේ වියදමවත් උපයා ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇත.



අදහස් (4)

වට්ටක්කා ගොවීන්ට හතේ හත

කිරිපුතා Monday, 11 September 2023 11:33 PM

රටට ලැබෙන ඵලදාව අතර මැදියා ගසාගෙන කනවා. ඒක ගොවියාටත් නෑ පාරිභෝගිකයටත් නෑ. මේවා රට පුරා බෙදා හැරෙන යාන්ත්‍රනයක් බිහි විය යුතුයි . වෙළඳ ඇමති කෙනෙක්.ඉන්නව නේද ර⁣ටේ ?

:       0       6

Lalla Tuesday, 12 September 2023 08:56 AM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගකියන්න ඕන. ඔවුන්ට හැකියාව තිබිය යුතුයි ගොවීන්ට උපදෙස් දෙන්න වගකිවයුතු භෝග සහ ප්‍රමාණය. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඉන්නේ පුටු රත්කරමින් කාලේකන්න නොවේ. ඔක්කොම එකතුව වී වගාව ව්‍යාප්ත කිරීම කතාව. පෝෂණවේදීන්ට අනුව අපි බත්කනව වැඩියි.එලවලු පලතුරු භාවිතය සහ මාංශ පරිභෝජනය මදි... තරබාරුකම සහ මන්දපෝෂණය වැඩි එමනිසා කියල තේරෙනව....

:       0       2

sarath Tuesday, 12 September 2023 09:00 AM

බියර්,ජැම් වැනි අතුරු නිශ්පාදන නිශ්පාදන කලාපයක් මේවා ආශ්‍රිතව බිහි කරන්න

:       0       5

janahitha Tuesday, 12 September 2023 09:14 AM

කරුණාකර මේවා මිල අඩුකර ඩුබායි එවන්න. අපේ පරිමාන මිනින්දෝරුවන් අතර ජනප්‍රිය ආහාරයක් කෑම පොයින්ට් එක දෙකට අඩුකරන්න පුළුවන්ලු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site