(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියකින් මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව කියන තැපැල් දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යැයි සිතා කිසිදු මාර්ගගත ගනුදෙනුවක් නොකළ යුතු බවද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, මටත් මේ වගේ කෙටි පණිවිඩයක් ඇවිත් තිබ්බා. ඒ වෙබ් ලිපිනය බලනකොටම තේරෙනවා ඒක බොරු එකක් කියලා.