(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ පාදුක්ක මාර්ගයේ කැබල්ලගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරෙන් මියගොකෙටීමෙන් හොරණ කැබල්ලගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි මාතලේ මනන්වත්ත තල් වත්ත පාර පදිංචිව සිටි අසංක  පුෂ්පකුමාර සෙනෙවිරත්න 41  හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් 21 හැවිරිදි යතුරුපැදි අලුත්වැඩියා කරන්නා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයාට අයත් ගරාජයට අලුත්  වැඩියා කිරීමට රැගෙන ආ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පරික්ෂා කිරීම සඳහා අධික වේගයෙන් යතුරු පැදිය හොරණ  පාදුක්ක මාර්ගයේ හොරණ දෙසට පැදවීමේදී කැබල්ලගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා මාරු වෙමින් සිටී මියගිය පුද්ගලයාගේ ඇඟේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.