වාහන පොතේ සැබෑ වෙනසක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ එම වාහනයේ වර්තමාන හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් සහ විස්තර පමණක් ඇතුළත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී අලුත් කරන සියලුම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික ඒ ආකාරයට නිකුත් කරන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 19 May 2023
පොහොට්ටුවේ තවත් 10 ක් වැට පනිති ? නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. 19 May 2023
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය. 19 May 2023
ලොකු පුටු අටකට මැතිසබේ අනුමැතිය ආයතන ප්‍රධානීන් තවත් අට දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 19 May 2023
කැනඩා අගමැති දෙමළ සංහාරක දිනය නම් කරයි මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්මුල්ලිවයිකාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ. 19 May 2023
පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. 19 May 2023
සාදවලදී මත්පෙති විකිණූ පුද්ගලයෙක් මාට්ටු කාලයක් තිස්සේ සංචාරක හෝටල් වල සාද පැවැත්වෙන දින වලදී ඒවා වෙත ගොස් එම සාද වලට සහභාගී වෙමින් සිටින විදේශීය සංචාරකයින්ට හා අනිකුත් අයවලුන්ට මත් පෙති හා අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. 19 May 2023
පළමු වසරේ දරුවාගේ කනට ගහලා අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි. 19 May 2023
චීනා හොරෙන් ඇවිත් එයාර්පෝට් එකේ යකා නටලා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19 ) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් , දැඩි ලෙස බාධා කර තිබේ . 19 May 2023
හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය 9ක් මාට්ටු ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 19 May 2023
රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්‍රදේශයේදී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 19 May 2023
තැනින් තැනට පොඩි වැස්සක්:රස්නෙත් වැඩි වේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 19 May 2023
පොලිස් සැරයන් ඒ.එස්.පීට තගක් දාලා නිලාවේලි පොලිසියේ පැවැත්වු මාසික පරීක්ෂණයේ දී සපත්තු ජෝඩුව සහ බඳ පටිය නිසි ලෙස ඔප නොකළේ මන්දැයි කළ කරුණු විමසීමේ දී පොලිස් සැරයන්වරයකු සහකාර පොලිස් අධිකාරි වරයාට පිරිස ඉදිරියේ උස් හඩින් කතා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 19 May 2023
‘‘දේවගැතියන් සමග මගේ සම්බන්ධයක් නෑ‘‘ තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. 18 May 2023
බෝසත් සිතක් නොමවෙද මේ දරුවාට ඉරුණු නිල ඇඳුමක් ඇඳගෙන ආ තෙවන වසරේ පාසල් සිසුවකුට එම පන්තියේම සිසුන් කළ උසුළු විසළු නොඉවසූ එහි තවත් සිසුවකු තවත් දරුවෙක් එම දරුවාට අලුත් ඇඳුමක් ලබාදීමට කාරුණි වූ පුවතක් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වෙයි. 18 May 2023
ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනී ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත. 18 May 2023
විරෝධයක් නිසා කැලණි සරසවිය අසල උණුසුම් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කැලණිය සරසවිය අසල සිසු විරෝධයක් ආරම්භ ඇතැයි පොලිසිය කියයි. 18 May 2023
පාසල් සිසුන්ට අමුතු පාඩමක් ඉගැන්වූ හතර දෙනෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ‘පුත්තලම අල් සුහරියා මද්රසා පාසලේ’ සිසුන්ට යුද මානසිකත්වය හුරුකරන අයුරින් දේශන පැවැත්වුයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම පාසලේ දේශකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය. 18 May 2023
විජයග්රහන සැමරුමට යුද හමුදාවේ 3702 කට උසස්වීම් විජයග්රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. 18 May 2023
එක්ස්ප්‍රස් පර්ල් වංචාව අධිකරණයට යයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීම ප්‍රමාද කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (18) කරුණු වාර්තා කර ඇත. 18 May 2023
නාහිමි දේහයට මල් ඉහින්න මහ පිරිසක් දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ දේහයට අවසාන ගෞරව දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා සංඝරත්නය, දේශපාලන නායකයෝ විවිධ ක්ෂේත්රවල පිරිස් සහ ජනතාව උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රාජගිරිය කලපළුවාව තපෝවන විහාරස්ථානයට වැල නොකැඩී පැමිණෙමින් සිටිති. 18 May 2023
රට ස්ථාවර වූ සැනින් ආචාර්ය ගැටලු විසඳනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 May 2023
ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (18) පිළිගන්වනු ලැබීය. 18 May 2023
ශ්‍රී ලංකා ගුවන්සේවා ආරක්ෂාවට ජාත්‍යන්තර පැසසුම් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා යෑමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් තහවුරු විය. 18 May 2023
ජෙරම්ගේ රැස්වීමට තහනම් නියෝගයක් දෙන්න බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින ඔහුගේ මුලස්ථානයේ අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂ්ය විසින් අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 18 May 2023
ලක්ෂ 300 ක ජීප් රථය ලක්ෂ 30 කට උකස් කරලා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කූශර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 18 May 2023
විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය. 18 May 2023
ජෙරොම්ට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක් බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශ සිදු කළා යැයි පවසන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන පවත්වා නඩු පවරන ලෙස ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 18 May 2023
පන්නිපටිය ධර්මපාල ආදි ශිෂ්‍යයෝ ඩුබායි ක්‍රිකට් තරගය ජය ලබති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන පන්නිපටිය ධර්මපාල විදුහලේ සහ මාතර රාහුල විදුහලේ ආදි සිසුන් අතර දෙවැනි වාර්ෂික විස්සයි20 තරගයෙන් ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 18 May 2023
ෆිනෑන්ස් සමාගමක තිදෙනෙක් දරුවකුට කැත වැඩක් කරලා කාත්තන්කුඩි සිට රෝගියකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවකුට ෆිනෑන්ස් සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු බරපතල ලිංගික අතවරයකට පත් කර ඇතැයි පොලිසිය කියයි. 18 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026