IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දයාසිරිගේ ඉල්ලීමත් විසිවෙයි: සරත් ඒකනායකටත් තහනමක්

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (08) ප්‍රතික්‍ෂෙප කළේය.

දයාසිරි ජයසේකර මහතා දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පත්කළ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට අවසර දුන් දිසා විනිසුරු සඳුන් විතාන මහතා සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරරීම ලබන 22 වැනිදා දක්වා වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා ගොනු කළ පෙත්සම සම්්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය ප්‍රකාරව පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට පුළුල් බලතල පැවරී ඇතැයි සඳහන් කරමින් එලෙස නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් සහ තමා දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පත්කළ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කොට ඇත.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (2)

දයාසිරිගේ ඉල්ලීමත් විසිවෙයි: සරත් ඒකනායකටත් තහනමක්

M.c.perera Saturday, 09 September 2023 11:25 AM

මෙයා රටට කළ සේවය මොකද? මෙලෝ රහක් නැති හාල්පාරුවන්...

:       0       4

Diana Sunday, 10 September 2023 09:55 AM

දයාසිරි වාසි පැත්තට පනින කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site