IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීහු හතරක් ලොකු පොරයක

(සුජිත් හේවාජුලිගේ )

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර  තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන්  සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල නැවතත්  දැඩි ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

මින් අයකු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු දිගින් දිගටම  එම  ධූරය ඉල්ලා සිටින බව  ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන්  අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූවේ  මේ තනතුර 
ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතා  ඇඳුම් පවා මසා ගෙන සිටින බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය නොවිසිඳෙන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත්වීමෙන් පසු  රජයට දැනුම්දී  ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයද මේ වසරේදී නොකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැතිධුර පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයාගේ අදහස යැයිද  එම ආරංචි මාර්ග පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු  විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී  ඊයේ පරාජයට පත්විය.



අදහස් (8)

කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීහු හතරක් ලොකු පොරයක

Bamunuarachchi Saturday, 09 September 2023 10:57 AM

අඟේ ඉඳන් කණ කන එවුන් කියන්නේ මොවුන්ටයි. සිංහල ජාතියටම ව්‍යවසනයක්.

:       1       24

ලුම්බිණි Saturday, 09 September 2023 11:22 AM

ඔය කියන විපක්ෂයේ පුද්ගලයා මීට අන්ත කෙනෙක්...

:       1       35

Perakum Saturday, 09 September 2023 12:02 PM

එයාට ඉස්සරත් සෞඛ්‍ය ඇමැතිකම කරමින් කොමිස් ගැසීමේ මනා පලපුරුද්දක් තියන බව අපි දනිමු…!

:       1       29

prasanna Saturday, 09 September 2023 12:27 PM

කොමිස් ගහපු නැති කෙනෙක් හොයනවා නම් පිටරටින් ඉම්පෝර්ට් කරන්න වෙනවා... ලංකාවේ ඉන්න ඔක්කොම හොරු. මුළු ලෝකෙම ඒක දන්නවා.

:       1       31

ගමේ එකාලා Saturday, 09 September 2023 03:19 PM

සෞඛ්‍ය ඇමැතිකම අරන් පුරුදු විදියට දත් ගලවන්න හිතාගෙන ඇති... අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්...?

:       0       20

Sharm Sunday, 10 September 2023 07:27 AM

කොහොම හරි අන්තිමට පැරදුනේ අපි කියලා තේරෙන්නෙ නැද්ද?? විශ්වාසභංගය ගෙනාවෙ සෞඛ්‍ය ඇමති ට විරුද්ධව පෞද්ගලිකව නෙමේ නෙ.. ඉහල නිලධාරීන් කරන අකටයුතුකම් දිගටම කරගෙන යන්න දුන්න පරිපාලනමය වැරැද්ද නිවරැදි කරන බලතල පාවිච්චි නොකර කොමිස් කුට්ටිය තලු ගහ ගහ ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට පාඩමක් වෙන්නත් සේරටම වඩා මේ බාල බෙහෙත් වලින් කරන අපරාධය නවත්තන්න.. අන්තිමට රෝහල් මල් ශාලාව ද කියලා තීරණය කරන්න විතරද අපට ඉතුරු වෙලා තියෙන්නේ?

:       0       0

සල්ලි Sunday, 10 September 2023 09:53 AM

අරකයි මේකයි කියන් දැන් ආයිමත් දේශපාලන පුවත් නහුතෙට. අවුරුදු 75ක් තිස්සේ වෙච්ච හරිය දැන් ලස්සනට ආයිමත් පටන් අරන්. රටට වැඩක් ඇති දෙයක් දාපල්ලාකෝ.

:       0       0

Chandrarathne Sunday, 10 September 2023 12:27 PM

ජාතික ලැයිස්තුවෙන් මේවා දාලා මට දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site