(සුජිත් හේවාජුලිගේ )
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල නැවතත් දැඩි ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
මින් අයකු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහු දිගින් දිගටම එම ධූරය ඉල්ලා සිටින බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූවේ මේ තනතුර
ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතා ඇඳුම් පවා මසා ගෙන සිටින බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය නොවිසිඳෙන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත්වීමෙන් පසු රජයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයද මේ වසරේදී නොකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැතිධුර පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයාගේ අදහස යැයිද එම ආරංචි මාර්ග පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ පරාජයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟේ ඉඳන් කණ කන එවුන් කියන්නේ මොවුන්ටයි. සිංහල ජාතියටම ව්‍යවසනයක්.
ඔය කියන විපක්ෂයේ පුද්ගලයා මීට අන්ත කෙනෙක්...
කොමිස් ගහපු නැති කෙනෙක් හොයනවා නම් පිටරටින් ඉම්පෝර්ට් කරන්න වෙනවා... ලංකාවේ ඉන්න ඔක්කොම හොරු. මුළු ලෝකෙම ඒක දන්නවා.
සෞඛ්‍ය ඇමැතිකම අරන් පුරුදු විදියට දත් ගලවන්න හිතාගෙන ඇති... අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්...?
කොහොම හරි අන්තිමට පැරදුනේ අපි කියලා තේරෙන්නෙ නැද්ද?? විශ්වාසභංගය ගෙනාවෙ සෞඛ්‍ය ඇමති ට විරුද්ධව පෞද්ගලිකව නෙමේ නෙ.. ඉහල නිලධාරීන් කරන අකටයුතුකම් දිගටම කරගෙන යන්න දුන්න පරිපාලනමය වැරැද්ද නිවරැදි කරන බලතල පාවිච්චි නොකර කොමිස් කුට්ටිය තලු ගහ ගහ ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට පාඩමක් වෙන්නත් සේරටම වඩා මේ බාල බෙහෙත් වලින් කරන අපරාධය නවත්තන්න.. අන්තිමට රෝහල් මල් ශාලාව ද කියලා තීරණය කරන්න විතරද අපට ඉතුරු වෙලා තියෙන්නේ?
අරකයි මේකයි කියන් දැන් ආයිමත් දේශපාලන පුවත් නහුතෙට. අවුරුදු 75ක් තිස්සේ වෙච්ච හරිය දැන් ලස්සනට ආයිමත් පටන් අරන්. රටට වැඩක් ඇති දෙයක් දාපල්ලාකෝ.
ජාතික ලැයිස්තුවෙන් මේවා දාලා මට දෙන්න...