(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා කමිටුව) ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් උත්තර දීගත නොහැකිව නිහඬව සිට ඇතැයි වාර්තා වේ.
කිසිදු සූදානමකින් තොරව පෙනී සිටීම ගැන කෝපා කමිටුව එම නිලධාරින්ට එහිදී අප්‍රසාදය පළ කළේය.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසුවේය. නිලධාරීන්ට ඒ ප්‍රශ්නයට උත්තර දීගත නොහැකිවිය.
එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව විමසූ අවස්ථාවේදී නිලධාරීන්ට ඒ ප්‍රශ්න සඳහාද පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිවුණු බව කෝපා කමිටුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් නාස්තිකරන කිසිදු ප්‍රථිඵලයක් නොමැති කෝප් කමිටුව නිලධාරීන්ව බය කරන්නේ වැඩි හිටියන්, කුඩා දරුවන් බය කරන ලෙසය. මෙම කමිටුව එම ශාලාවේ වායුසමනයට යන මුදලටත් වටිනාකමක් නොදෙන ක්‍රියාවක් සිදුකරයි...
ඔය කමිටු කාරයෝ අපේ සල්ලි සහ කාලය නාස්ති නොකර තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද? ඔය කමිටුවලින් මෙච්චර කාලෙකට වෙච්ච වැඩක් තියනවද? නිකං අපේ ලේ පුච්චනවා විතරයි…!
ඔය කමිටුව කාලයයි මුදල් නාස්ති කිරීමක්