IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරාබි තෙල් ලංකාවේ සිට බෙදයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන දැනුම් දී තිබේ.

එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියතය.

ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැනද තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කොට තිබේ. එසේම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට එන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එකඟතාවය පළ කර ඇත.

 



අදහස් (13)

අරාබි තෙල් ලංකාවේ සිට බෙදයි

Achini Saturday, 09 September 2023 09:44 AM

ඕක හරි යන්නේ නැහැ. BBS එහෙම ඕකට කැමැති වෙන්නේ නැහැ. තෙල් ගෙනැල්ලා වඳ කරනවා කියයි.

:       67       22

Jim Saturday, 09 September 2023 09:57 AM

මාර කේස් එක වෙන්නේ දැන්.., හලාල් වෙයිද දන්නේ නැහැ...?

:       55       15

නිමල් Saturday, 09 September 2023 10:13 AM

යුක්‍රේන් යුද්ධය නිසා වඩාත්ම දියුණු වුනේ ඉන්දියාව. රුසියන් තෙල් ගෙනැල්ලා පිරිපහදු කරලා බටහිරට දැන් ඩොරල් වලට විකුණනවා. ගන්නේ ඉන්දියන් රුපියල් වලින්... ඇයි අපිටත් බැරි හම්බන්තොට චීන පිරිපහදුවක් හදලා රුසියන් තෙල් ගෙනැල්ලා බටහිරට විකුණන්න? ඉන්දියාව මේ සල්ලිවලින් ඉක්මණින්ම පෝසත් වෙනබව දැන් පේනවා...!

:       3       44

seneSaturday, 09 September 2023 11:23 AM

ඒ තරම් ඉදිරි දැක්මක් ඇති ඈයෝ අපිට නැහැ. පප්පලා කොමිස් නිසා කරන්නට දෙන්නේ නැහැ...

:       6       32

JimSaturday, 09 September 2023 11:34 AM

අපේ රුපියල් ඒ අය ගන්නේ නැහැ සහෝ...!

:       7       12

Bamunuarachchi Saturday, 09 September 2023 11:02 AM

ලංකාව ඕනෑම බිස්නස් එකකට යුද්ධ වලට හොඳ සංධිස්ථානයක්. ඒක ලෝකය දන්නවා. නමුත් ඉන් ප්‍රයෝජනය ගන්න මේ රටේ ඉන්න එවුන් දන්නේ නැත. ඒක අපේ අවාසනාව...!

:       5       23

fairoosSunday, 10 September 2023 02:06 PM

BBS එකේ තවත් බයි පැටියෙක්...

:       0       1

sena Saturday, 09 September 2023 11:14 AM

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නනේ. ඉතින් තෙල් ගෙනැල්ලා ගබඩා කරන්නේ බූලිවලද? 

:       9       50

James Saturday, 09 September 2023 11:35 AM

ඕක හරි යන්නේ නැහැ, අපේ අය වඳවෙයි.

:       28       10

Kasun sanjaya Saturday, 09 September 2023 11:40 AM

ඒකනම් හුඟක් හොඳ වැඩක්... එතකොට අපිට අඩුමිලට තෙල්ගන්න පුළුවන් ඒ වගේම රටට හොඳ ආදායමකුත් ලැබෙනවා. ඒ වගේම රුසියාව, ඉරානය, සෞදි අරාබිය, ඇල්ජිරියාව, ඕමාන් වගේ රටරටවල්වල තෙල් හා ගෑස් ගෙනැල්ලා ලංකාව කේන්ද්‍ර කරගෙන බෙදාහරින්න ගිව්සුම් ඇති කරගත්තොත් ලංකාවටත් ඉක්මණින් පොහොසත් රටක් වෙන්න පුළුවන් වෙයි.

:       2       24

Mohan Mapa Saturday, 09 September 2023 12:43 PM

UAE ගොඩක් කැපකිරීම් කරලා දියුණු වෙච්චි රටක්. මේ වගේ වැඩ සාර්ථක කරගත්තොත් ඔවුන් අනිත් දේවල් වලටත් උදව් කරාවි.

:       1       24

සෙනෙවිරත්න Saturday, 09 September 2023 03:16 PM

බමුණු ඉඳලා හිටලා ඇත්ත කියනවා. හැබැයි රටට මෙහෙම කළ උන්⁣ටම තමයි කඩේ යෑම..

:       1       9

M.A.A.ROHANA Saturday, 09 September 2023 05:03 PM

දැන් අපේ කට්ටිය ලහිලහියේ හොයනවා ඇත්තේ ඔවුන්ගේ සාක්කු වලට කුට්ටියක් දාගන්න ක්‍රමවේදයක් මිස, එය ලංකාවට ගෙන්වා ගෙන රටේ ආර්ථික දියුණුවට එය යොදා ගන්නා ආකාරය නොවේ. ඔවුන්ට කුට්ටිය කන්න බැරි නම් පුළුවන් නම් එය නවත්වන්න කුමන්ත්‍රණ කරයි. නැතිනම් මොකක් හෝ සංවිධානයක් හදාගෙන, කැමරාවකුයි, මයික් එකකුයි අල්ලාගෙන මාධ්‍ය සාකච්ඡා තියලා එය ලංකාවට ගෙනාවොත් වෙන ආදීනව කියලා රටේ නැති බොරු කියයි. ඊට පසු සමාජ මාධ්‍ය ඔස්සේ රෙදි උස්සාගෙන පල් බොරු කියලා කෑගසයි.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site