(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
සිද්ධියට චෝදනා ලැබූ හාම්පුතුන් කිසිදු ගැටළුවක් නැතුව නිදැල්ලේ සිටින බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.
මනුෂ නානායක්කාර මහතා මෙසේද සදහන් කළේය.
ඇමෝනියා වළකට වැටී සේවකයන් හය දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීම කළ කම්කරු සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට පත්වී සති දෙකක් හිර හිටියා.
නමුත් හය දෙනකු මරපු කර්මාන්තශාලාවේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ
හොරණ අධිකරණයේ මෙම නඩුව මුලින්ම පවරපු අවස්ථාවේදී විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුකාරවරයා මාරු කර අලූත් නඩුකාර වරයෙකු පැමිණ නඩුව පැත්තකට දැමූවා. ඊට පසු මෙම නඩුව දැම්මෙ ඇයිද කියා විමසමින් නඩු පවරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා.
සේවකයන්ට අගතියක් කළ හාම්පුතුන්ට නඩු පවරපු කම්කරු දෙපාර්තමේන්තුවේ අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරුවන් මැරිච්ච එකට වගකිවයුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමුතු නීතියක් ගැන මනුෂගෙන් මැතිසබේදී චෝදනාවක්
chandana Friday, 08 September 2023 07:23 PM
මට මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා මගේ කවුරුහරි මියගියා නම්.. නීතියෙනුත් පිළිසරණක් නැතිනම්.. කීයක් හරි වියදම් කරලා " නන්නාඳුනන තුවක්කු කරු" ට කොන්ත්‍රාත් එකක් දෙනවා, ප්‍රශ්නයට වගකිවයුතු, ධන බලයෙන් සියල්ල කනපිටගසා, නීතියත් නමා, මහේශාඛ්‍ය ලීලාවෙන් සිටින කම්හල් අයිතිකරු සහ ඔවුන්ගේ මුළු පවුලම මරලා දමන්න...
සුනිමල් Saturday, 09 September 2023 05:46 AM
මට නම් රංජන් මතක් වුණා.
Bunny PreenaSaturday, 09 September 2023 09:30 AM
චන්දන මම ඔය කියපු දේට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. නීතිය සාධාරණ විදිහට විසඳන්න බැඳිලා ඉන්න අයගෙන් සාධාරණයක් සිදුවෙන්නේ නැතිනම්... පීඩාවට පත්වූ අය කාගෙන් හරි එයට සාධාරණයක් ඉටුකර ගන්න හදන එකේ මට වරදක් පෙනෙන්නේ නැහැ. ගොඩක් අසාධාරණකම්වලට ලක්වූ අය නීතිය අතට ගන්නේ සමහර ලොකු නිලධාරීන්ගේ උද්දච්ඡ ක්‍රියා නිසා...
සල්ලි Friday, 08 September 2023 07:32 PM
මිනිස්සු 6ක් මැරිලා ඉද්දි ඇමතියාගේ හිනාව බලාපල්ලාකෝ...!
Mahaachaarya Saturday, 09 September 2023 09:37 AM
හොඳ වෙලාවට ලංකාවේ, ඇමෙරිකාවේ වගේ තුවක්කු විකුණන කඩසාප්පු නැත්තේ... තිබුණා නම් සාධාරණ වැඩකරන අය, කප්පම් කාරයින්, චණ්ඩින් සහ හොරුන්ගෙන් භාගයට භාගයක්ම පරලොව යවලා ඇති... ලංකාවේ සාමාන්‍ය පීඩිත ජනතාවම, පොලිසියෙන් අල්ලලා නඩු දානකන් බලාගෙන ඉන්නේ නැතුව...