
(අංජුල මහික වීරරත්න)
කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය.
පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණින් උදෑසන හා හවස් කාලයේ මෙලෙස එළකිරි බෙදාහැරීම සිදු කරයි.
නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාවේ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබෙන බවද 0117 173984 දුරකථන අංකයට අමතා දියර එළකිරි ඇනවුම් කිරීමට හැකි බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.
කොළඹ නගර සීමාව හා අවට ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇනවුම් බාරදීමට කටයුතු යොදා ඇති බව සිරිල් මහතා කීය.
නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙහි ආරම්භක අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ඉදිරියේ දී දියර කිරි බෙදාහැරීම කොළඹින් පිය ප්‍රදේශවලටත් ප්‍රචලිත කිරීමට තීරණය කර තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිදෙන්නෙ නිකන්ද?
හරිම සාධාරණයි... සියලුම පහසුකම් කොළඹට දෙන්න.
කොළඹට කිරි ගමට කැකිරි, හරි ශෝක් ගොන් වස්සා කෙට්ටු වෙලා ටිකක් .