සිංගප්පූරුවේ කටොන්ග් පළාතේ, සංචාරක හෝටල් කාමරයක, සිය බිරිඳ ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වූ ශ්‍රීලාංකික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව, එරට මාධ්‍ය වාර්තා කරයි.
30 හැවිරිදි ඉෂාන් කෝට්ටගේ නමැති මෙම තරුණයා තරුණයා පොලිස් අත්ඩඅංගුවට ගැණුනේ සිය බිරිඳ ඝාතනය කළේ යැයි ඔහු පොලිසියට බාර වී කළ පාපොච්චාරණයකින් පසුවය.
ඝාතනය වූයේ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරිය.
සෙව්වන්දි මධුකා කුමාරි ඝාතනය සිදුවූයේ පසුගිය 9 වැනිදා කටොන්ග් චතුරස්‍රයේ ‘හොලිඩේ ඉන් එක්ස්ප්‍රස්’ සංචාරක හෝටල කාමරයකදීය. ඒ, එදින උදෑසන 10.45 ත් සවස 4.42 ත් අතර කාලයේ යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඝාතනයෙන් පසු ඉෂාන් කෝට්ටගේ නමැති මෙම තරුණයා, කිලෝ මීටර් 1.5 ක් දුරින් පහිටි පොලිස් ස්ථානයට ගොස් ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කළ බව ‘ද ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය පවසා තිබේ. තරුණයා පොලිස් ස්ථානයට ගොස් ඇතැයි පැවැසෙන්නේ එදින සවස 5.06 ටය.
පොලිසිය හෝටල කාමරයට ගොස් බලද්දී කැපුම් තුවාල සහිතව සෙව්වන්දි මධුකා කුමාරි මියගොස් සිටි බවත්, කැපුම් තුවාල සිදු කළේ යැයි සැක කරන පිහිය ඒ අසල තිබී හමුවුණු බවත් පොලිස් වාර්තා උපුටා දක්වමින් ‘ද ස්ට්‍රේට් ටයිම්ස්’ වැඩි දුරටත් වාර්තා කර තිබේ.
පොලිස් අත්අඩංගුවේ පසුවුණු විත්තිකරු ඉෂාන් කෝට්ටගේ අධිකරණය හමුවට යොමු කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. සතියක කාලයක් විත්තිකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළේය.
විත්තිකරු නීතීඥවරයකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් එම අවස්ථාවේදී කිසිවකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දන්වා තිබුණි.
ලබන සැප්තැම්බර් 18 වන දා විත්තිකරු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හෝටල් කාමරයක් තුළ කෙරුණු මිනීමැරුමක්. ලිංගික අපහසුතා ඇති පිරිමින් බහින්බස් වීමෙන් මේ මරණ සිදුවනවා ඇද්ද? යුරෝපයේ පිරිමින් සමග සසඳන කල ලංකාවේ පිරිමින් රෝමාන්තික හෝ ගැහැණියක්ව සතුටින් තබන මට්ටමක නැත. බොහෝ සෙයින් ලිංගික අවපාතයකට ලක්ව ඇති බවයි මට දැනෙන්නේ...
ලෝකයේ අවම මිනිමැරුම් අනුපාතයක් ඇති රටක් සිංගප්පූරුව... මේක ඒ රටටත් ලොකු අපහාසයක් (ශ්‍රී ලාංකිකයින් ලෝකයේ වැඩිම මානසික ආතතියක් ඇති ජාතියක් තමා, සිරියාව, ඇෆ්ගනිස්ථානය අපිට වඩා යටින් ඉන්නේ...)
ලංකාවේ දැන් ඉන්න තරුණ පිරිමි ටික පුදුම විදියට ගැහැණුන් ඝාතනය කරන්නේ.ගැහැණුන් හා සසඳන විට පිරිමින්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහල තැනක් තියෙන්නේ
මධුෂී වෙත. කියලා තියෙන දෙය තෙරුම් ගන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. මන්ද මානසිකත්වය ලොකෙට පෙන්නන්නේ නැතුව .ඇයි? ලංකාවේ හැම ගැහැනියක්ම නෙලුම් මලෙන් ආපු පත්තිනි අම්මලාද?