පවුලක නඩත්තුවට 76 දහසක්
ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.