13 ගැන ද්‍රවිඩ මන්ත්‍රීන් සමඟ පමණක් කතා කර ඵලක් නෑ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 July 2023
පොල් සංවර්ධනයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ් පොල් සංවර්ධන මණ්ඩලයට අයත් සේවක අර්ථසාධක මුදල් ලක්ෂ හත්සියයක (කෝටි 7) ක මුදලක් වංචා කිරීමට සහය පල කර අධිකාරී වගකීමක් පැහැර හැරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය මගින් අත් අඩංගුවට ගත් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා යන අය හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රා ත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය. 26 July 2023
ත්‍රීවීල් කාක්කෙක්ට අසුවූ සුදු යුවළට වනෝද්‍යානය නොමිලේ නරඹන්න අවස්ථාව හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ මුදලින් ගාස්තු ගෙවීමේ ගැටළුවකට මුහුණ දුන් රුසියානු ජාතික යුවලකට සිදුවූ අපහසු තාවය මග හරවා වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදා කර දීමට හොරගොල්ල වන ජීවී නිළධාරීන් පියවර ගැනීමේ සිදුවීමක් අද (26) පෙරවරුවේ වාර්තා විය. 26 July 2023
පොදු ප්‍රවාහනයට ‘විද්‍යුත් සංචරණය’ හදුන්වා දෙයි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා ‘විද්‍යුත් සංචරණ’ සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී අද (26) පැවැත්විණි. 26 July 2023
කාරක සභාව මුදල් ලොක්කන්ට දෙහි කපයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පසුගිය 25 වැනිදා පැවැති රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණත් ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් එම කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කෙරිණ. 26 July 2023
පියාගෙන් පුතාට බලය කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවත්, තමන් වෙනුවට තම වැඩිමල් පුතු සොන් හුන් මනෙට් අග්‍රාමාත්‍ය ධුරය බාරගනු ඇති බවත්ය. 26 July 2023
ඇපල් සපත්තුවට ඩොලර් 50000ක ලංසුවක් ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 26 July 2023
මෝදිට එරෙහිව විශ්වාසභංගයක් මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට එසේත් නැතිනම් ලොක් සභාවට විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි. 26 July 2023
කෙහෙළියගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 26 July 2023
හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම් සංචාරක සේවා සැපයීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත් කරන බලපත්‍රය නොමැතිව සංචාරකයන්ට සේවා සපයන පුද්ගලයන් හදුනාගැනීමේ වැටලීම් ආරම්භ කර ඇති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 26 July 2023
හිමි නමට-කාන්තාවන් දෙදෙනාට පහරදුන් 9ට ඇප නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුලදී ස්වාමීන් වහන්සේ නමකට තරැණියකට සහ කාන්තාවකට නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් අට දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇපයක් මත සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය. 26 July 2023
විදුලි බිල වැඩි කිරීම සාධාරණ දැයි සොයන්න විශේෂ කාරක සභාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර ඇත්දැයි කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාට යෝජනාවක් බාර දෙමින් ඉල්ලා සිටිති. 26 July 2023
අන්තරේ පා ගමන විසුරුවයි කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය. 26 July 2023
මිහිකත විවාහක රූ රැජින දිවයිනට ලෝක මිහිකත විවාහක රූ රැජින - 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 26 July 2023
උපන්දින සාදයේ දී පහරකා මියගිය තරුණියගේ සැමියාත් මරුට වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 26 July 2023
රනිල් කරන්නෙත් ඩී.එස් කළ දේමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 July 2023
මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන් මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 26 July 2023
රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 26 July 2023
පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා මහනුවර නගරයේ ජනප්‍රිය පාසැලකට 2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 26 July 2023
උසාවි නියෝගය කැඩූ මැනිං වෙළෙඳ පොළේ 17ක් අල්ලයි අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වූ සීමාසහිත පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 July 2023
මිනින්දෝරුවෝ ලෙඩ වෙති රජයේ මිනින්දෝරුවෝ ඉඩම් අමාත්‍යවරයාට විරෝධය දක්වමින් ලෙස නිවාඩු දැමීමේ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. 26 July 2023
රාජකාරියට ගිය කොස්තාපල්වරුන්ට පහරදුන් යුවළක් අත්අඩංගුවට පිලියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික එලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 26 July 2023
ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව අද ජාතික සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(26) පස්වරු 5.30ට පැවැත්වේ. 26 July 2023
අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 26 July 2023
ජපුර උපකුලපති පත් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 26 July 2023
මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 26 July 2023
කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට රඹුක්කන පරපේ ඉහලගම ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලේ ඇතුළු වී එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියමින් නිවසේ අය විසින් බැඳ දමා සිටි පොලිස් සැරයන්වරයෙකු මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. 26 July 2023
බස්නාහිරට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 July 2023
වතු නිවාස 10 ගින්නෙන් අළු වේ තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 26 July 2023
කුරුණෑගල පොලිසියේ හිත උණු වේ අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේව 26 July 2023
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026