
(අංජුල මහික වීරරත්න)
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙන්නේ වෛද්‍යවරුන් ලංකාවේ රඳවා ගැනීමට දරන උත්සාහයක් වශයෙන් යැයිද බෙල්ලන මහතා සඳහන් කළේය.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් රට අතැර යාම වැඩි වී තිබෙන බව කී බෙල්ලන මහතා ඒ අනුව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රසාදාත්මකව අගය කරන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ බොල ධනවත් Middle East රටවල් කීපයක් හැරෙන්න බදු නොගහ තිබෙන රටක් කියපන් බලන්න. දොස්තරලා, ලෝයර්ලා තරම් හම්බ කරන එවුන් වෙන රටේ නැහැ. බොලාට වෙන රටකට ගියොත් බදුවලින් බේරෙන්න බැහැ. කැනඩාවට ආවොත් 30% Federal රජයට ගෙවලා Provincial government එකටත් 30% බදු ගෙවන්න ඕනේ. Ireland ගියොත් 40% කෙලින්ම බදු. Private ප්‍රැක්ටිස් නැහැ... බදු රහිත වාහන නැහැ, නිල නිවාස නැහැ. දොස්තර එනකොට පුටුවෙන් නැගිටින ගොබ්බයෝ නැහැ.
ඉස්සෙල්ලාම දොස්තරලා, පෙරකදෝරුවත් අනිත් මිනිස්සු වගේම බදුගෙවලා එන්න.