(යොහාන් භාසුර, මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)
ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය.
තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල සත්කාරක ඉන්දියාව හමුවේ ලකුණු 302 ක දැවැන්ත පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතෙන් තරග තරඟ 5 ක් පරාජයට පත්වීම නිසා බංග්ලාදේශය සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ඉදිරි තරග දෙකෙන් ජය ලැබුවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව නොමැත.
ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 19.4 කදී ලකුණු 55 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
මෙම ලකුණු 55 ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාව 1975 ලෝක කුසලාන තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 86 කට දැවීයාම මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
පැතුම් නිස්සංක (0), දිමුත් කරුණාරත්න (0), කුසල් පෙරේරා (1), සදීර සමරවික්‍රම (0), චරිත් අසලංක (1) යන ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 2 ක් පමණක් රැස්කළ අතර අංක හය පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් (12) පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.
දුෂාන් හේමන්ත (0), දුෂ්මන්ත චමීර (0), මහීෂ් තීක්ෂණ (නොදැවී 12), කසුන් රාජිත (14) සහ ඩිල්ෂාන් මධුසංඛ (5) යන මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවෝ ද ඉන් අනතුරුව අසරණ වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ පළමු පන්දුවේ සිට ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ දැඩිව අසරණ වූහ.
ඉන්දීය පිල ඕවර 50 දී කඩුලු 8 ක් දැවී 357
(ෂුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, කේ. එල්. රාහුල් 21, ශියාස් අයිර් 82, රවීන්ද්‍ර ජඩේජා 35, ඩිල්ෂාන් මධුසංඛ 80/5)
ශ්‍රී ලංකා පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 55
(ඇන්ජලෝ මැතිව්ස් 12, මහීෂ් තීක්ෂණ නොදැවී 12, කසුන් රාජිත 14, මොහොමඩ් සිරාජ් 16/3, මොහොමඩ් ශමි 18/5)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ඉන්දියාවෙන් මොනවා හරි ලැබෙයි නේ. අඩුම තරමේ ණය ටිකක් හරි කපා ගන්නේ නැතෑ.
හරියට කෙලින් මීටර් 10ක් ඇවිදගන්න බැරි ලෙඩ්ඩු කොහොමද මැච් ගහන්නේ ? ඔය දිනපු මැච් එකත් කනා පාරක්.වරෙල්ලාකො ලංකාවට,මුන්ව පිළිගන්න යන උන්ටත් * ගහන්න ඕනා. යකෝ ගමේ කොල්ලෝ ටිකක් යව්වානම් අඩු ගානේ සෙමි ෆ්ය්නල්ස් වලටවත් එවි.ක්‍රිකට් තියා මුන්ට ජිල්බෝලවත් ගහන්න පුලුවන්ද ?
රතු පලස දාලා ගෙන්නමු. අහවල් වැඩෙට දිරි දීමනා පාලක මණ්ඩෙල්ට කියල සල්ලි ඉල්ලලා දෙමු.
ලෝකය මෙතරම් ඉදියට ක්‍රීඩාවෙන්ද අනෙක් සෑම අශයකින්ම ඉහලට යන අතර අප රටවිතරක් දිනෙන් දින අගාදයට වැටෙන එක තමයි කැරැමය, තරග පරාජය වීම සාමාන්‍ය තත්වයක් උවද මෙවැනි ගනයේ පරාජයන් අනුමත කරන්න බැහැ...ක්‍රීඩාවකට එහාගිය යමක් මෙ සියලු පරාජයන් හමුවෙ පවතිනු ඇත,
අර්ජුන, අරවින්ද, මහානාම, මුරලි, වාස්, ධර්මෙ, සනා, කළුවා, හෂාන් සෙට්එකෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් නැහැ බන්...! අරක්කු බිබි, බයිලා කියන රූකඩ කාරයින් සෙට් එකක් ඉන්නේ. ක්‍රිකට් බැලිල්ල අතහැරලා අවුරුදු 20ක්. ලංකාවේ ක්‍රිකටුත් දේශපාලනය වගේමයි. කොච්චර කරත් අපේ අයට මොවුන්ව එපා වෙන්නේ නැහැ...
අපේ ජාතික වීරයා ධනුෂ්ක ගුණතිලක හිටියා නම් ඔහොම වෙන්නේ නෑ...
බංකොළොත් රටේ බංකොළොත් ක්‍රිකට් කණ්ඩායම... ජයවේවා..!
ලංකාව ඉතින් ඉන්දියාවට ණයගැතියිනේ..., ඔහොමවත් ණය ගෙවලා ඉන්දියාවේ ඉන්න අයව සන්තෝෂ කරමු.
ඕනැකමින්ම පැරැදිලා වගේ...
අනිච්ඡාවත සංඛාරා...!
ඉතා හොඳ ?
නැවත එන එකනම් හොඳයි . ජාතික කණ්ඩායමක් හැටියට මේ තරම් රටට නිගා දෙන තරමේ ක්‍රිීීඩා විලාශයක් පෙන්වීම සුදුසු නෑ. මේ සඳහා ක්‍රීීඩකයින් විතරක් නොව හිටපු පළපුරුදු ක්‍රිීඩකයිනුත් ක්‍රිකට් ආයතනයත් පුහුණු කරුවන් උපදේශකයන් ඇතුලු සියලු දෙනා වග කිව යුතුයි . මින් පසු හොඳ කණ්ඩායමක් හදා විනයක් ඇතිව සූදානම් කළ යුතුයි. යන යන තැන ගෑණු පස්සේ යෑම සුදුසු නෑනෙ ජාතික ක්‍රීඩකයින්ට.
කොල්ලනේ වරෙල්ලා ඉක්මනට ගෙදර, තවත් රෙදි ගලවන්නෙ නැතුව.
ක්‍රීඩකයින්ට ,නිලදාරින්ට වගේම .රුපියල් මිලියන 5-6 පඩි ගන්න උපදේශකයන් / පුහුණුකරුවන් කියන අයටත් බේරිලා යන්න දෙන්න එපා , මොගොල්ලෝ හැම විටම අපි අරක් කියුවේ මෙහෙම් යෝජනා කරා එත් ක්‍රීඩකයෝ හරියට සෙල්ලන් කරේ නැහැ කියා ඇඟ බේරාගන්නවා .විශේෂයෙන්ම මහේලගෙන් නම් වැඩක් ම නැහැ
මෙදා සැරේ ලෝක කුසලාන තරගාවලියට යැව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවෙයි, ශම්මි සිල්වා ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනියේ ක්‍රිකට් ටීම් එකයි. ඒ නිසා කවුරුවත් දුක්වෙන්න හෝ කලබල වෙන්න එපා. ලංකාවේ ක්‍රිකට් මේ තත්වයට පත් කරන්න අයි. සී. සී. එකත් හොඳ සහයෝගයක් දුන්නා...!
තරඟය පරාජය වුණු එක ගැන විතරයි කවුරුත් කතා කරන්නේ. අපේ නායකතුමා ටොස් එක දිනපු එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇයි අප්පා එහෙම...?