
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය.
එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග මහතා අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බිම වැටී තිබු ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැදවා ඔවුන්ට එය භාර දී තිබේ.
පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ මහතාට සිදු වු දෙය පවසා ඇත.
ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා බැංකුවේ කලමණාකරු හදුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග මහතා ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.
එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග මහතාගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.
මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.
මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග මහතා මෙසේ කීය.
“මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ. යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින බැංකුව බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා. ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට. පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා. පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා.මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා.මම සිද්ධිය කීවාම.ඔහු මා කලමණාකරු ලගට එක්ක ගෙන ගියා.පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා.මම ප්‍රෝන්ටෝ කූරියර් ආයතනයේ සහකාර කලමණාකරු ලෙස රැකියාව කරන්නේ.මම කල හොද ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා.මම ඒත් කීවා මම හිත හොදින් කලේ.ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවංක තරුණයන් රටටම ආදර්ශමත් ආඩම්බරයක් . අගැයීමක් කිරීම ඉතා වටිනව.
මේ වගේ හොඳ මිනිසුන් අපේ රටේ බොහෝම විරලයි... පාර්ලිමේන්තුවේ ඉඳලම කරන්නේ හොරාකන එක... විදුලි බල මණ්ඩලේ, රේගුව, ඇතුළු බොහෝමයක් ආයතනවල කෙරුවාව අන්තිම නරකයි. මේ උතුම් මනුස්සයාට යහපතක්ම වේවා...!
මෙවැනි ක්‍රියා ඉතාම හොඳ දේවල්. රටක් දියුණු වෙන්න නම් මිනිස්සු අවංක වෙන්න ඕනෑ. මෙතුමාට යහපතක්ම වේවා!.
කාලෙකින් දැක්ක සතුටු හිතෙන හොඳ ප්‍රවෘත්තියක්... ස්තුතියි...!
හොඳ විතරක්ම නෙවෙයි බුද්ධිමත් මහත්මයෙක්...!
ඔය වගේ මිනිස්සු තමයි මැති ඇමති කම් දරන්ඩ ඔනෙ රටේ.
ඔබට යහපතක්ම වේවා, ඔබ වැනි මිහිපිට දෙවියන් අද බොහෝ විරලයි...!
මොට්ටයෙක්...!
ප්‍රිය මිතුර චන්දන උදයංග, ඔබ ගුණවතෙකි, නැණවතෙකි, සත්පුරුෂයෙකි! ලංකාදීප මුල්පිටුවේ මෙය පළවීමද ඉතාමත් අගය කර සළකමි. සිදුවීම හෙළිපෙහෙළිකල අනිල් සුදුසිංහ මහතටත් ලංකාදීපයටත් තුතිපුද කලයුතුමවේ. මෙකල, වෙන කවරදාටත් වඩා මෙවැනි ගුණවත්කම් සත්පුරුෂකම් අවැසි යුගයකි.
මේ වගේ උසස් මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණු රට තමයි පර දේශපාලුවන් විනාශ කළේ...
කොහොම වුනත් මුදල් භාර ගත්ත නිළධාරි තැන මොහුගේ අවශ්‍යතාව ගැන නොබැලීම ඉතාමත් කණගාටුදායක තත්වයක් කියලා කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔහොම දේවල් දැකලා තියෙනවා. ඒත් ඒවා කිව්වොත් ඩිස්ලයික් කෙලවරක් නැතුව යනවා.. නැත්නම් කොපමණ සත්‍යම දෙයක් වුණත් හොඳටම බනින්න කට්ටියක් ඉන්නවා... එනිසා ඒවා නොදා ඉන්නම්...!
හොඳට සැලසුම් කරලා ජනප්‍රිය වෙන්න කළ මෙහෙයුමක් වගෙයි පේන්නේ... දැන් ඉතින් ඡන්දෙට ඉදිරිපත් වෙන්නත් සුදුසුකමක් තියනවනේ නේද...? අපි නොදන්නවැයි ලක්ෂ පනහක් ඇහින්දා නම් ක්‍රියාකරන විදිහ.. අපි නම් රැවටෙයි ඕවාට...!
වාසනාවට මේ අවංක මහත්තයාට මේක දැක ගන්න ලැබුනා. බැරි වෙලාවට හෝ දියවන්නාවේ ඉන්න හොරුන් මෙතන සිටියා නම්, මොනවාද වෙන්නේ? මහ බැංකු හොරු, කප්පම්කරුවන් පාලනය කරන මේ රටේ, මැතුමා කරපු වැඩ අගයකලයුතුයි.
කතන්දර වලට ප්‍රිය කරන, වයසට අනුව මොළය වර්ධනය නොවන රෝගයෙන් පෙලෙන්නන් ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..? බැංකුවක ATM යන්ත්‍රයට "CASH LOAD" කරන විධිමත් බව හා එහි ක්‍රියාකාරිත්වය බැංකුවක වැඩකරන ඒ ගැන දැනුමක් තියන අයෙකුගෙන් අසා දැනගන්න.. යම් අතපසුවීමකින් වැරැද්දක් හෝ අඩුපාඩුවක් හෝ ඔය කියන නැතිවීමක් සිදුවුණා නම් ඒ මොහොතේම ඊට අදාළ නිලධාරියාට ඒ ගැන දැනගන්න ලැබෙනවා. යන්ත්‍රයේ ඇති මුදල් ප්‍රමාණයේ එකතුව සඳහන් වෙනවා. එහෙම නැතිව කොහොමද මේ මුදල් ගණනය වෙන්නේ...? පරිගණක තාක්ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා උපන්ගෙයි ජානගත මෝඩයින් මෙවැනි කතන්දර වලට චූං වුණාට හැමෝම එහෙම අය නොවන බව දැනගන්න... මොනවා වුණත් මමත් අද තමයි දැන ගත්තේ සිරි ලංකාවේ බැංකු නිලධාරීන් ෂොපින් බෑග් වලින් රැගෙන ගිහින් යන්ත්‍රයට මුදල් යොදන බව... අහෝ, පව් බන් උඹලා!!!
ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් පස්සේ ලැබුණු හොඳම ආතල් එක...!
ATM machine වලට සල්ලි දානකොට පිළිවෙලක් තියෙනවා. System maintenance වුණත් එහෙමයි, මේක සේවක අකාර්යක්ෂමතාවක්... අනික ඔය තරුණයාත් ඉපදෙන්න තිබ්බේ නැගෙනහිර ආසියාවේ, ජපානයේ වගේ යහපත් රටවලට. ඕක වෙන කෙනෙක්ට ලැබුණා නම් සේවකයන්ට තමා අතින් වියදම් කරලා නැතිවෙච්ච ටික කවර් කරන්නේ. අනික් කාරණය ලංකාවේ තාම ගොඩක් ATM වල දුවන්නේ අවුරුදු 20ක් පරණ යල් පැන ගිය Windows NT 5.1
අල්ලන්න බය හිතෙන්න ඇති හොර සල්ලි කියලා... එහෙම නැතිනම් වටිනාකමක් නැති නිසා ඇල්ලුවේ නැතුවා වත්ද?
මේක බැන්කුවෙන් සල්ලි අරන් ගිය මනුස්සයෙක් අතින් අත ඇරුණු එකක් වෙන්න ඕනෑ... ඔහොම අතේ බැන්කුවල සල්ලි අරන් යන්නේ නෑනේ...