IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය.

එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.

මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග මහතා අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

බිම වැටී තිබු ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැදවා ඔවුන්ට එය භාර දී තිබේ.

පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ මහතාට සිදු වු දෙය පවසා ඇත.

ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා බැංකුවේ කලමණාකරු හදුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග මහතා ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.

එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග මහතාගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.

මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.

මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග මහතා මෙසේ කීය.

“මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ. යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින බැංකුව බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා. ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට. පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා. පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා.මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා.මම සිද්ධිය කීවාම.ඔහු මා කලමණාකරු ලගට එක්ක ගෙන ගියා.පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා.මම ප්‍රෝන්ටෝ කූරියර් ආයතනයේ සහකාර කලමණාකරු ලෙස රැකියාව කරන්නේ.මම කල හොද ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා.මම ඒත් කීවා මම හිත හොදින් කලේ.ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා.

 



අදහස් (23)

බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා

මහසෙන් Friday, 03 November 2023 07:55 AM

මෙවන් අවංක තරුණයන් රටටම ආදර්ශමත් ආඩම්බරයක් . අගැයීමක් කිරීම ඉතා වටිනව.

:       2       63

Senarath Friday, 03 November 2023 08:58 AM

මේ වගේ හොඳ මිනිසුන් අපේ රටේ බොහෝම විරලයි... පාර්ලිමේන්තුවේ ඉඳලම කරන්නේ හොරාකන එක... විදුලි බල මණ්ඩලේ, රේගුව, ඇතුළු බොහෝමයක් ආයතනවල කෙරුවාව අන්තිම නරකයි. මේ උතුම් මනුස්සයාට යහපතක්ම වේවා...! 

:       0       36

Jayasundara Friday, 03 November 2023 08:58 AM

මෙවැනි ක්‍රියා ඉතාම හොඳ දේවල්. රටක් දියුණු වෙන්න නම් මිනිස්සු අවංක වෙන්න ඕනෑ. මෙතුමාට යහපතක්ම වේවා!.

:       0       33

Nimal Friday, 03 November 2023 09:03 AM

කාලෙකින් දැක්ක සතුටු හිතෙන හොඳ ප්‍රවෘත්තියක්... ස්තුතියි...!

:       0       41

රංබොඩ Friday, 03 November 2023 09:12 AM

හොඳ විතරක්ම නෙවෙයි බුද්ධිමත් මහත්මයෙක්...!

:       0       46

Kazi Shajahan Friday, 03 November 2023 09:57 AM

ඔය වගේ මිනිස්සු තමයි මැති ඇමති කම් දරන්ඩ ඔනෙ රටේ.

:       4       91

Chinthaka Friday, 03 November 2023 10:18 AM

ඔබට යහපතක්ම වේවා, ඔබ වැනි මිහිපිට දෙවියන් අද බොහෝ විරලයි...!

:       0       28

Kiriputha Friday, 03 November 2023 10:56 AM

මොට්ටයෙක්...!

:       59       9

ලසන්ත Friday, 03 November 2023 11:05 AM

ප්‍රිය මිතුර චන්දන උදයංග, ඔබ ගුණවතෙකි, නැණවතෙකි, සත්පුරුෂයෙකි! ලංකාදීප මුල්පිටුවේ මෙය පළවීමද ඉතාමත් අගය කර සළකමි. සිදුවීම හෙළිපෙහෙළිකල අනිල් සුදුසිංහ මහතටත් ලංකාදීපයටත් තුතිපුද කලයුතුමවේ. මෙකල, වෙන කවරදාටත් වඩා මෙවැනි ගුණවත්කම් සත්පුරුෂකම් අවැසි යුගයකි.

:       0       39

Rata Perata Friday, 03 November 2023 12:55 PM

මේ වගේ උසස් මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණු රට තමයි පර දේශපාලුවන් විනාශ කළේ...

:       0       38

චන්ද්‍රතිලකා Friday, 03 November 2023 01:10 PM

කොහොම වුනත් මුදල් භාර ගත්ත නිළධාරි තැන මොහුගේ අවශ්‍යතාව ගැන නොබැලීම ඉතාමත් කණගාටුදායක තත්වයක් කියලා කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔහොම දේවල් දැකලා තියෙනවා. ඒත් ඒවා කිව්වොත් ඩිස්ලයික් කෙලවරක් නැතුව යනවා.. නැත්නම් කොපමණ සත්‍යම දෙයක් වුණත් හොඳටම බනින්න කට්ටියක් ඉන්නවා... එනිසා ඒවා නොදා ඉන්නම්...!

:       4       25

බද්රානි Friday, 03 November 2023 01:26 PM

හොඳට සැලසුම් කරලා ජනප්‍රිය වෙන්න කළ මෙහෙයුමක් වගෙයි පේන්නේ... දැන් ඉතින් ඡන්දෙට ඉදිරිපත් වෙන්නත් සුදුසුකමක් තියනවනේ නේද...? අපි නොදන්නවැයි ලක්ෂ පනහක් ඇහින්දා නම් ක්‍රියාකරන විදිහ.. අපි නම් රැවටෙයි ඕවාට...!

:       103       6

සමන්තිFriday, 03 November 2023 02:27 PM

බද්‍රානි, ඒ ඔබ සහ ඔබව ඇති දැඩි කළ දෙමවුපියන්ගේ හැටි. හොර හිත ඔබගේ ජාන වල ඇති. නමුත් හැම දෙනාම ඔබ වගේ හොරු නෙවෙයි

:       5       51

පැරකුම්Friday, 03 November 2023 08:09 PM

සමන්ති සමග මම100%ක් එකඟයි. බද්රානි හැමදාමත් කියන්නේ ඔය වගේ කැත කතාමයි. ජානවල වැරැදි හදන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනෑ..! නෑ.

:       0       2

චන්ද්‍රතිලකාFriday, 03 November 2023 04:16 PM

මම නොකියා හිටියෙ භද්‍රානි මහත්මියට සිදුවන දේ දන්න නිසාත් සත්‍යම වුණත් නොකිව්වේ ඔය නිසා තමයි ඔය අතරේ සමන්ති ජානයක් ගැන කතා කරන්නේ ලංකාවේ මොන්ටිසෝරියකටවත් නොගිය බවක් කියාපෑමට කියලා පේනවා... භද්‍රානි කියපුදේ අපි අත්දැකලා තියෙනවා..!

:       8       7

Hafeel Friday, 03 November 2023 02:35 PM

වාසනාවට මේ අවංක මහත්තයාට මේක දැක ගන්න ලැබුනා. බැරි වෙලාවට හෝ දියවන්නාවේ ඉන්න හොරුන් මෙතන සිටියා නම්, මොනවාද වෙන්නේ? මහ බැංකු හොරු, කප්පම්කරුවන් පාලනය කරන මේ රටේ, මැතුමා කරපු වැඩ අගයකලයුතුයි.

:       0       19

බද්රානි Friday, 03 November 2023 05:17 PM

කතන්දර වලට ප්‍රිය කරන, වයසට අනුව මොළය වර්ධනය නොවන රෝගයෙන් පෙලෙන්නන් ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..? බැංකුවක ATM යන්ත්‍රයට "CASH LOAD" කරන විධිමත් බව හා එහි ක්‍රියාකාරිත්වය බැංකුවක වැඩකරන ඒ ගැන දැනුමක් තියන අයෙකුගෙන් අසා දැනගන්න.. යම් අතපසුවීමකින් වැරැද්දක් හෝ අඩුපාඩුවක් හෝ ඔය කියන නැතිවීමක් සිදුවුණා නම් ඒ මොහොතේම ඊට අදාළ නිලධාරියාට ඒ ගැන දැනගන්න ලැබෙනවා. යන්ත්‍රයේ ඇති මුදල් ප්‍රමාණයේ එකතුව සඳහන් වෙනවා. එහෙම නැතිව කොහොමද මේ මුදල් ගණනය වෙන්නේ...? පරිගණක තාක්ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා උපන්ගෙයි ජානගත මෝඩයින් මෙවැනි කතන්දර වලට චූං වුණාට හැමෝම එහෙම අය නොවන බව දැනගන්න... මොනවා වුණත් මමත් අද තමයි දැන ගත්තේ සිරි ලංකාවේ බැංකු නිලධාරීන් ෂොපින් බෑග් වලින් රැගෙන ගිහින් යන්ත්‍රයට මුදල් යොදන බව... අහෝ, පව් බන් උඹලා!!!

:       13       17

කළණසිරි ගජසිංහSaturday, 04 November 2023 12:35 PM

අයියෝ බත්රාණි, ATM එකට CASH LOAD කරන්න ගෙනගිය මුදල් වලින්ම බිම වැටුණු ඒවා කියා නිශ්චිතව හඳුන්වාදීමක් මෙහි නැත. යහපත් ක්‍රියාවක් යහපතක් ලෙස දැකීමට නොහැකි කුහක හදවතක් ඔබට ඇති බව ඔබ විසින්ම තහවුරු කර සිරි ලංකාවටම ප්‍රසිද්ධ කර ඇත. ඔබට අනුව ප්‍රොන්ටෝ ලංකා කුරියර් මැනේජර් නිවසේ සිට ලක්ෂ 50 ක මුදල් නෝට්ටු මිටියක් ගෙනැවිත් බංකු පරිශ්‍රය තුල තබා එය බැංකුවට භාර දීමට සලස්වා ඔහු විසින් ඔහුටම ලකුණු දා ගැනීමක් සදුකර ඇත. ඔබගේ කුහක කම ප්‍රදර්ශනය සඳහා ඔබ විසින් ලියා ඇති ස්ක්‍රිප්ට් එකත් නරකම නැත.

:       6       5

බද්රානිMonday, 06 November 2023 08:45 PM

ලංකාවේ "කොත්තු බාස් කෙනෙක්" කොත්තු විකුනලා නගර මධ්‍යයේ භූමියත් මිලදී අරගෙන විශාල සුවිසල් ව්‍යාපාරික ගොඩනැගිලි ඉදි කරගෙන කොත්තු ව්‍යාපාරයෙන් විශාල ලාභයක් ලබන බව විශ්වාස කරලා, හුරෙත් දමන මොංගල් කාරයෝ ඉන්න රටක, මේ වගේ සුන්දර, සුකුමාල, මන පිනවන, සුරංගනා කතන්දර ඇත්තයි කියලා විශ්වාස කරලා මට කුහකයි බනින එක අහන්නත් දෙයක්ද, "කලණසිරි ගජසිංහ" ළමයෝ.... අර කිව්වා වගේ මේ මුදල් මිටිය "ඩේසි ආච්චිගේම එකක් වෙන්න බැරිද..? ගජසිංහ බබෝ....?

:       5       2

SARATH ANANDA Friday, 03 November 2023 07:22 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් පස්සේ ලැබුණු හොඳම ආතල් එක...!

:       7       7

Uween De Silva Friday, 03 November 2023 08:02 PM

ATM machine වලට සල්ලි දානකොට පිළිවෙලක් තියෙනවා. System maintenance වුණත් එහෙමයි, මේක සේවක අකාර්යක්ෂමතාවක්... අනික ඔය තරුණයාත් ඉපදෙන්න තිබ්බේ නැගෙනහිර ආසියාවේ, ජපානයේ වගේ යහපත් රටවලට. ඕක වෙන කෙනෙක්ට ලැබුණා නම් සේවකයන්ට තමා අතින් වියදම් කරලා නැතිවෙච්ච ටික කවර් කරන්නේ. අනික් කාරණය ලංකාවේ තාම ගොඩක් ATM වල දුවන්නේ අවුරුදු 20ක් පරණ යල් පැන ගිය Windows NT 5.1

:       0       0

chandima Saturday, 04 November 2023 12:23 AM

අල්ලන්න බය හිතෙන්න ඇති හොර සල්ලි කියලා... එහෙම නැතිනම් වටිනාකමක් නැති නිසා ඇල්ලුවේ නැතුවා වත්ද? 

:       1       0

kosala Saturday, 04 November 2023 09:30 PM

මේක බැන්කුවෙන් සල්ලි අරන් ගිය මනුස්සයෙක් අතින් අත ඇරුණු එකක් වෙන්න ඕනෑ... ඔහොම අතේ බැන්කුවල සල්ලි අරන් යන්නේ නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 749 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 785 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 197 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 981 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2670 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 406 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2006 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site