
(මහින්ද නිශ්ශංක)
සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ.
සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව ද ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
මේ අතර සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනයකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ආනයනය කර ඇතැයි පිටකොටුව තොග වෙළෙදපොළෙන් වාර්තා වේ.
මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.
රුපියල් පනහක සීනි ආනයනය බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීම හේතුවෙන් ගත වූ වසර තුන තුල රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩි පඩි බදු පටන් ගත්තා. රජයේ සේවකයින්ගේ වැඩි කරන්න යන පඩි වලට අපි බදු ගෙවන්නේ මොන බම්බුවකටද? මොවුන්ට පඩි වැඩි කරනවා නම් උපයනවිට ගහන බඩුත් වැඩි කරන්න.
බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩුකල විට සීනි මිල අඩු වුනේ නැහැ, දැන් නැවත රුපියල් පනහ දක්වා වැඩි කළවිට සීනිමිල වැඩි වෙනවාලු! බන්දුලගේ ආර්ථික විද්‍යාවට අනුව වෙන්න ඇති... එහෙම වෙන්නේ... ඒ අතර කියනවා ප්‍රධාන පෙළේ ආනයන කරුවෙක් මෙට්‍රික් ටොන් 8000 ක්ගෙනාවාලු... ඒ ආනයනය කරුවා කවුද... සජාන් මවුසින්ද?
සීනි හොරා මහ බැංකු හොරාට වඩා හොඳයි වගේ..
කාගේ පාලන සමයේදී සීනි බද්ද සත 25 කෙරුවේද කියන එක වැදගත්...!
නිකම් හිතලා බලන්න බද්ද වැඩි වෙන්නේ 50. මිල වැඩි වෙන්නේ 265 සිට 325 දක්වා 60කින්. ඉතිරි 10 පොලීසියටද. අනිත් එක 8000 * 1000 * 50 = කෝටි 40. බද්දෙන් විතරක් අර ව්‍යාපාරිකයා හොයන ගාන කෝටී 40ක් . දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරාකන මේ වගේ ව්‍යාපාරිකයොත් මේවට අනුබල දෙන නිලධාරිනුත් මේවාට අනුමැතිය දේශපාලකයෝත් සහ ඔවුන්ගේ දරු පවුල් ඇතුළුව සාප වෙන්න ඕනෑ. කරුමයෙන් කාටවත් ගැලවීමක් නෑ...