රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 25 July 2023
දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2023
විනිසුරු උපයන බද්ද: පෙත්සම් විභාගයට මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද(25) තීරණය කළේය. 25 July 2023
ඕ.අයි.සීට පාට් දැමූ ව්‍යාපාරිකයකු අල්ලන්න සොයයි රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත. 25 July 2023
වෘත්තීය සමිති සාමාජිකයින්ට කොළඹ පාරවල් තහනම් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. 25 July 2023
දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී ආණමඩුව , ප්‍රදේශයෙ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි. 25 July 2023
සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නෑ උතුරේ ගැටලුව විසඳීම සඳහා ජනතා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 25 July 2023
ඝාතන පලිය ගන්න කැබ්රියකට යට කරලා ඝාතනයක පලිගැනීමක් සඳහා, කැබ් රථයක්යතුරු පැදියේ හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මල්ලාවි පොලිසිය පවසයි. 25 July 2023
ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 25 July 2023
කොන්ත්‍රාත්තුව අතේ පත්තු වේ පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි. 25 July 2023
කුරානයේ පිටපතකට ගිනි තබති ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ. 25 July 2023
ලංකාව ඉතාලිය සමඟ ගිවිසුමකට එළඹෙයි මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙි. 25 July 2023
කුරුණෑගලට වල් අලියෙක් ඇවිත් බඩගමුව රක්ෂිතයට යාබදව පිහිටි කෝවාන ගම්මානයට හදිසියේ කඩා වැදුණු වල් අලියකු පහරදී ගැමියකු මරාදමා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 25 July 2023
විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ. 25 July 2023
කුලියාපිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදීලා කුලියාපිටිය ප්‍රාදේශිය ලංකාදීප මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර මහතාගේ කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ මැර පිරිසක් පහරදීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි. 25 July 2023
පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක් පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේවකයින් 10,000 ක් පමණ සේවය කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 25 July 2023
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 July 2023
නානවා වීඩියෝ කළ ඇමැති ආරක්ෂක මාට්ටු නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි. 25 July 2023
නොනවත්වා ගිය යතුරු පැදියට පොලිසියෙන් වෙඩි තබයි අම්පාර - දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.. 24 July 2023
විවාහක මිහිතල රැජින කිරුල සශ්මිට පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Erath international - 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය. 24 July 2023
කදුළු ගෑස් බෝම්බයක් පිපිරී පොලිස් නිලධාරියෙක් රෝහලේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. 24 July 2023
දෙමිතුරන්ගේ ගුටි කෙළිය මරණයකින් අවසන් වෙයි පානදුර කෙසෙල්වත්ත වෙළද සැලක් ඉදිරිපිට ත්‍රිෙරා්ද රථ ගාලක මිතුරන් දෙදෙනෙකු අතර අද (24) සවස ඇතිවූ ගුටි කෙළියකින් පසු එක් අයෙකු රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය කීය. 24 July 2023
ආගමික ස්ථානවල වත්කම් සංගණනයක් බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 July 2023
හිටපු ජනපති මෛත්‍රීපාල කාම්බෝජ මැතිවරණ නිරීක්ෂණයේ කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ ජන්ද මධ්‍යස්ථාන කීපයක් අද (24) නිරීක්ෂණය කළේය. 24 July 2023
එක්නැලිගොඩ නඩුව: නීතිපති ඉල්ලීම සලකා බැලීම සැප්: 5 දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අතිරේක සාක්ෂි ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව සැප්තැම්බර් 5 වනදා ප්‍රකාශයට පත්කරන බව කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) දැනුම් දුන්නේය. 24 July 2023
දුම්රිය ගමන් වාර 80 ක් අවලංගුයි දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කළ පැය 20 ක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ සිට දුම්රිය ගමන් වාර 80 ක් අවලංගු කළ බව දුම්රිය දෙපා්තමේන්තුව පවසයි. 24 July 2023
ලෝ රූ තරගෙට යන්න ආශිර් වාද ගන්න ඇවිත් ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ අද (24) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට එක්ව සිටියහ . 24 July 2023
නැ‘හිර වෛද්‍යවරු ආණ්ඩුකාරවරයාට විරෝධය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 24 July 2023
දහතුනේ පොලිස් බලතල ඉවත් කර 22 එයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 24 July 2023
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026