
(විමුක්ති එස් රුද්‍රිගු)
කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (1) පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.
විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා විදුලි සේවකයන් සැලකිය යුතු පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණි බව එම සේවක සංගමය පැවසුවේය.
විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දෙසට දැඩි රථ වහාන තදබදයක් ද ඇතිව තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 14 කට විකිණීමට එරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව විදුලි බිල වැඩි කිරීම, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම සහ ඇමති සාකච්ඡාවක් ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.
මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ලෝටස් මාර්ගයද වසා ඇති බව පොලිසිය පවසයි
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට හා රටේ සම්පත් කුණුකොල්ලයට පාවලා දෙන්න දත කන රනිල් රාජපක්ෂ ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී පාලනයක් හදාගන්න එක්වෙමු සැවොම...!
ඔය කාටද වෘත්තීයවේදීන් කියන්නේ? ඇත්තටම රටට විදේශ විනිමය උපයන කම්කරුවන් පවා වෘත්තීය වේදීන් තමයි... ඇඟලුම් කම්හල් නිෂ්පාදිකාවන් පවා වෘත්තීය වේදීන් තමයි. නගර සභාවේ කම්කරුවන් පවා වෘත්තීය වේදීන් නොවෙයි කියන්නේ කොහොමද? එනිසා මින් ඉදිරියට ලියද්දි ජනතා මුදලින් වැටුප් ලබන වෘත්තීයවේදීන් කියන්න...
Traffic නම් ජෙප්පෝ , ජෙප්පෝ නම් Traffic...
මේ මිනිස්සු හරියට කරන්නේ ස්ට්‍රයික් සහ විරෝධතා විතරයි. අපි දුප්පත්කම අතින් ලෝකයෙන්ම 86. ශුවර් එකටම මේ ගොල්ලන් අපිට කප් එක අරන් දෙනවා.