
මෙම 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්‍රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
51 හැවිරිදි මොහොමදී, ඉරානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මානව ක්‍රියාකාරිනියකි. ඇයට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනය කළේ පසුගිය ඔක්තෝබර් 6 වැනිදාය. කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට නර්ගේස් මොහොමදී වසර 31 ක සිර දඬුවමක් විඳිමින් සිටී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd