IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නියෝග නොතකා විදුලිබිලට එරෙහි දිවුලපිටියේ පාගමන ඇරඹෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව අනීතික විදුලි බිලට එරෙහි පා ගමන  පැවැත්වෙන අතර මේ වන විට දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.

නගරයේ වටරවුම් මංසන්දි වල මාර්ග බාධක සූදානම් කර ඇති අතර මේ වන විට සෑම මංසන්ධියක ම කුඩා කණ්ඩායම් ලෙ ස පොලීසිය යොදවා ඇත .

විශේෂ කැරලි මර්දන කණ්ඩායළි මර්දන කණ්ඩායමක් සහ හමුදා භට කණ්ඩායමක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්ද දිවුලපිටිය  ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර තිබෙනු දක්නට ලැබිණි .

විදුලි පාවිච්චිකරන්න න්ගේ සංගමය ජාතික ලේකම් ධම්මික සංජීව මහතා ප්‍රකාශ කළේ පොලිස් ආඥා පනත ද වඩා බලවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද යන්න අද බලා ගත හැකි බවයි .

මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් මෙම පාගමන නීති විරෝධී බව පවසමින් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කලද  ඒ බව නොතකා පා ගමන යන පිරිස් ඉදිරියට ගමන් කිරීම ඇරඹූහ 

 

 



අදහස් (9)

නියෝග නොතකා විදුලිබිලට එරෙහි දිවුලපිටියේ පාගමන ඇරඹෙයි

චන්දන Wednesday, 01 November 2023 10:04 AM

පොලිසියේ මහත්වරුන්ට නොමිලයේ විදුලිය ලැබෙනවද?

:       3       34

Pinjana Wednesday, 01 November 2023 10:09 AM

අධිකරණය මගින් මේ පෙළපාලියට අනුමැතිය ලැබී තිබියදීත්, පොලීසියෙන් එය නීති විරෝධී බව කියනවා. මෙම පොලිස් නිලධාරීන් නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් කල යුතුයි. අද නැවතත් රතුපස්වල, කටුනායක වෙලඳකලාපය උද්ඝෝෂණ වල වගේ මිනී මැරුම් වුනොත්, ඒවාගේ වගකීම් පොලිස් ඇමති, ජනාධිපති ගතයුතුය.

:       3       39

lal Wednesday, 01 November 2023 10:52 AM

යන ගමන් අර ගිනිතියපු ට්‍රාන්ස්ෆෝමර්ස් වලට වැඳලා යන්න...!

:       20       3

Kazi Shajahan Wednesday, 01 November 2023 11:11 AM

ඔබලාට ජය, අද මුළු ලංකාවම පාරට බැහැලා සටන් කළ යුතුයි... පක්ෂ, පාට නැතිව...

:       5       30

ranjith Wednesday, 01 November 2023 12:50 PM

මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි... ආදායමක් හරියට නෑ. වියදම එන්න එන්නම වැඩිකරනවා. ඒවා මහපාරට ඇවිත් කියන්න දෙන්නෙත් නැහැ. මේ වගේ අධම පාලකයෝ ඉන්න රටක නැවත උපදින්න එපා කියලා තමයි ප්‍රාර්ථනාව...

:       1       19

චාන්දනී Wednesday, 01 November 2023 06:45 PM

රංජිත්ට උතුරු කොරියාව, චීනය, කියුබාව... වගේ රටක උපදින්න ලැබේවා..!

:       0       0

Aravinda Monarawila Wednesday, 01 November 2023 02:47 PM

රනිල් රාජපක්ෂගේ දූෂිත, අනීතික පාලනයට එරෙහිව ජනතාව සටනට සැරසිලා ඉන්නේ... හැංගෙන්න තැනක් දැම්ම හොයාගෙන තියාගත්තොත් හොඳයි.

:       0       8

Bamunuarachchi Wednesday, 01 November 2023 04:51 PM

ඔබලාව පාරේ රස්තියාදු කරන ජෙප්පෝ සජබයෝ කියනවාද අපි බලයට ආවොත් වැටුප් වැඩිකරනවා... විදුලි බලය අඩු කරනවා කියලා...!

:       5       8

ඇබිත්තයෙක් Wednesday, 01 November 2023 06:52 PM

පාසල් යන වයසේ නම් තවමත් ශිෂ්‍යත්ව විභාගය ලියන්න වයසක නොසිටින තත්වයේ සාමනේර නමක් ඔහොම කැඳවාගෙන ගියාම ඒ අය විශ්ව විද්‍යාලයට ගියාම කරන දේට ඔතැන ඉන්න ලොකු හාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.. ලොකු හාමුදුරුවෝ වැඩියාට වරදක් නැහැ. ඒත් ඔහොම පොඩි හාමුදුරුවෝ කැඳවාගෙන යාම පිළිකුල් සහගතයි... හාමුදුරුවනේ ළමා හිමිකම් නිලධාරින් හෝ ළමා රක්ෂණ අධිකාරියේ මහත්වරු මේ ගැන සිතත්වා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site