
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1) දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
සසුන රැකුමේ ගෝලීය සංසදයේ කැඳවුම්කරු බලංගොඩ කාශ්‍යප හිමි” විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික” මහතාද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.
එම සංවිධාන සහ ජාතික පුරවැසි උපදේශණ සංගමය එක්ව ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ පෙරවරු 8.40 ට පමණ දිවුලපිටියේ බස් නැවතුම් පොල අසලින් ආරම්භ කෙරිණි .
ඒ අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් විරෝධතාකරුවන් ඇමතූ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා මෙම පා ගමන හේතුවෙන් මහජන පීඩාවක් සිදු වන හෙයින් පොලිස් ආඥා පනත ප්‍රකාරව පා ගමන නවතා විසිර යන ලෙසට නියෝග කරනු ලැබීය.
එම අණ තොතකා විරෝධතා පා ගමන ඇරැඹිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂගේ මනදොළ සපුරාළන්න අනීතික වැඩ කරන පොලිසියේ අයව ඊළඟ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් ගෙදර යවන්න ඕනේ...!
පොලිසියයි, හමුදාවයි, දේශපාලකයෝයි කවදාවත් විශ්වාස කරන්න එපා..!
අද කාලේ සිවුර දමා ගත් තක්කඩි මැරයන් සහ එක එක නම් දමා ගත්තු එන් ජී ඕ නඩ කාරයෝත් රට වැනසීමේ ව්‍යාපාරයක් පටන් අරන්... සසුන රකිනවා වෙනුවට සසුන නැති කිරීමත්... චීවරය හුදෙක් තම පැවැත්මට පමණක් කොටසක් අනික් අය පුරවැසි පෙරමුණ, අර පෙරමුණ, මේ පෙරමුණ නමින් එන් ජී ඕ සල්ලි වලින් යැපෙන තක්කඩි කොටසක්... රටෙ නීතියට අඹ මල් රේණුවක් ගරු නොකරන අය. මේ වගේ අයගෙන් රටක්, ජාතියක් හදන්නේ කොහොමද?
යකෝ පුදුම වැඩක්.. මහජනතාවට පීඩා ගෙනත් තියෙන්නේ තක්කඩි ආණ්ඩුව... ඒ අයවනේ අත්අඩංගුවට ගන්න ඕනේ...!
මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් කියලා. කරන්ට් බිල වැඩි වුණාට කමක් නෑ. උද්ඝෝෂණ කරන්න එපා කියලා කියන්නේ...
මංගල මහත්තයා ලංකාවේ නෙවෙයිද ජීවත් වෙන්නේ?
ජනතාවට සහන දෙන්න රාජපක්ෂලා තමයි ඕනෑ...
ඔය ඉන්නේ JVP සිවුරු කල්ලියේ ගොයියෝ. උන්ට තඩි බෑවට කමක් නැහැ ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන හාමුදුරුවරු මොවුන්ගේ උද්ගෝෂණ වලට එකතු වෙන්නේ නැහැ. ගොබ්බසේන කෙනෙක් කියනවා මහජනතාවට පිඩා ගෙනෙන ආණ්ඩුව ලු. අපි බලයට ආවොත් විදුලිබිල, ඉන්ධන මිල, බදු, බාන්ඩ මිල අඩුකරනවා කියලා ජෙප්පෝ, සජබයෝ කියනවාද? නැහැ උන් එහෙම කියන්නේ නැහැ.
විදුලිය නිකන්, අධ්‍යාපනය නිකන්, කන්න බොන්න නිකන්... වැඩ කළත්, නැතත් වැටුප්... ජනතාවගෙන්ම ටැක්ස් ගහලා ජනතාවටම බෙදනවා. මේක නියම පික්පොකට් ගැහිල්ලක්...