IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලීස් අණ නොතැකූ උද්ඝෝණයේ 6 ක් අත්අංඩගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1)  දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය  පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සසුන රැකුමේ ගෝලීය සංසදයේ කැඳවුම්කරු බලංගොඩ කාශ්‍යප හිමි” විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික”      මහතාද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.

එම  සංවිධාන සහ  ජාතික පුරවැසි උපදේශණ සංගමය එක්ව ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ පෙරවරු 8.40 ට පමණ දිවුලපිටියේ බස් නැවතුම් පොල අසලින් ආරම්භ කෙරිණි .

ඒ අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් විරෝධතාකරුවන් ඇමතූ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා මෙම පා ගමන හේතුවෙන් මහජන පීඩාවක් සිදු වන හෙයින් පොලිස් ආඥා පනත ප්‍රකාරව  පා ගමන නවතා විසිර යන ලෙසට නියෝග කරනු ලැබීය.

 එම අණ තොතකා විරෝධතා පා ගමන ඇරැඹිණි.



අදහස් (11)

පොලීස් අණ නොතැකූ උද්ඝෝණයේ 6 ක් අත්අංඩගුවට

Aravinda Monarawila Wednesday, 01 November 2023 12:34 PM

රනිල් රාජපක්ෂගේ මනදොළ සපුරාළන්න අනීතික වැඩ කරන පොලිසියේ අයව ඊළඟ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් ගෙදර යවන්න ඕනේ...!

:       13       62

පියල් විරසිංහWednesday, 01 November 2023 03:36 PM

බලමු තව කොපමණ කාලයක් ඔහොම රඟයිද කියලා...!

:       1       20

TGLWednesday, 01 November 2023 04:03 PM

ඊළඟ ආණ්ඩුව උද්ඝෝෂණවලට මුහුණ දෙන එකක් නැද්ද? එතකොට පොලීසිය නොවේද ඒ කටයුතු කරන්නේ...?

:       3       11

සමන් Wednesday, 01 November 2023 01:23 PM

පොලිසියයි, හමුදාවයි, දේශපාලකයෝයි කවදාවත් විශ්වාස කරන්න එපා..!

:       2       17

මංගල සමරවීර Wednesday, 01 November 2023 02:27 PM

අද කාලේ සිවුර දමා ගත් තක්කඩි මැරයන් සහ එක එක නම් දමා ගත්තු එන් ජී ඕ නඩ කාරයෝත් රට වැනසීමේ ව්‍යාපාරයක් පටන් අරන්... සසුන රකිනවා වෙනුවට සසුන නැති කිරීමත්... චීවරය හුදෙක් තම පැවැත්මට පමණක් කොටසක් අනික් අය පුරවැසි පෙරමුණ, අර පෙරමුණ, මේ පෙරමුණ නමින් එන් ජී ඕ සල්ලි වලින් යැපෙන තක්කඩි කොටසක්... රටෙ නීතියට අඹ මල් රේණුවක් ගරු නොකරන අය. මේ වගේ අයගෙන් රටක්, ජාතියක් හදන්නේ කොහොමද?

:       16       15

Athula Wednesday, 01 November 2023 03:48 PM

යකෝ පුදුම වැඩක්.. මහජනතාවට පීඩා ගෙනත් තියෙන්නේ තක්කඩි ආණ්ඩුව... ඒ අයවනේ අත්අඩංගුවට ගන්න ඕනේ...!

:       3       20

Dinesh Wednesday, 01 November 2023 06:22 PM

මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් කියලා. කරන්ට් බිල වැඩි වුණාට කමක් නෑ. උද්ඝෝෂණ කරන්න එපා කියලා කියන්නේ...

:       5       7

Mahee Wednesday, 01 November 2023 07:08 PM

මංගල මහත්තයා ලංකාවේ නෙවෙයිද ජීවත් වෙන්නේ?

:       2       0

නිහාල් Wednesday, 01 November 2023 07:51 PM

ජනතාවට සහන දෙන්න රාජපක්ෂලා තමයි ඕනෑ...

:       11       2

Bamunuarachchi Wednesday, 01 November 2023 09:14 PM

ඔය ඉන්නේ JVP සිවුරු කල්ලියේ ගොයියෝ. උන්ට තඩි බෑවට කමක් නැහැ ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන හාමුදුරුවරු මොවුන්ගේ උද්ගෝෂණ වලට එකතු වෙන්නේ නැහැ. ගොබ්බසේන කෙනෙක් කියනවා මහජනතාවට පිඩා ගෙනෙන ආණ්ඩුව ලු. අපි බලයට ආවොත් විදුලිබිල, ඉන්ධන මිල, බදු, බාන්ඩ මිල අඩුකරනවා කියලා ජෙප්පෝ, සජබයෝ කියනවාද? නැහැ උන් එහෙම කියන්නේ නැහැ.

:       0       3

Sampath Wednesday, 01 November 2023 10:09 PM

විදුලිය නිකන්, අධ්‍යාපනය නිකන්, කන්න බොන්න නිකන්... වැඩ කළත්, නැතත් වැටුප්... ජනතාවගෙන්ම ටැක්ස් ගහලා ජනතාවටම බෙදනවා. මේක නියම පික්පොකට් ගැහිල්ලක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site