සෞඛ්‍ය ලේකම්ට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති 25ක් සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 25 ක් ඒකාබද්ධ ලිපියක් අද (24) සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කළේය. 24 July 2023
පොලිස්පති උසාවියේදී රාළහාමිගෙන් සමාව අයදී කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා මැදව්චචිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයදුවේය. 24 July 2023
ලක්ෂ 50 ජෙනි තුනක් මීයන්ට දීලා රුපියල් ලක්ෂ 50ක් වැය කර කළුතර ප්‍රාදේශීය සභාවට මිළදී ගත් ජෙනරේටර් තුනක වයර් මීයන් කා දැමීම සහ බැටරි ආරෝපණය නොකිරීමෙන් විනාශවී ඇති බව එහි සේවකයෝ චෝදනා කරති. 24 July 2023
ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකික පුතෙක් ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබේ. 24 July 2023
කෝටි 25 ක ව්‍යාපෘති නවයක් අමතක කරලා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ව්‍යාපෘති නවයක් ලැබී ඇතත් මෙතෙක් අධ්යක්ෂ මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව සලකා බලාවත් නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 24 July 2023
දුම්රිය වැඩ වර්ජනය අවසන් දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට පෙර පැවසීය. 24 July 2023
මාස 7 කදී සංචාරකයන් ලක්ෂ 7 ක් මෙම වසරේ ජනවාරි සිට මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී විදේශ සංචාරකයන් 714,598 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 24 July 2023
නෝර්වේ තානාපති කාර්යාලය 31 වැනිදා වහයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වනිදා සිට වසා දමන බව එම කාර්යාලය නිවේදනය කරයි. 24 July 2023
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් අත්හිටුවයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 July 2023
කළුගල් වැඩපොළේ කාමරයෙන් පුපුරණ ද්‍රව්‍ය මතුවේ ඉතා රහසිගත ලෙස කළුගල් වැඩපොළක කාමරයකට ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයෙන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 24 July 2023
පොල්තෙල් බද්දෙන් රජයට විශාල පාඩුවක් බදු ඉහළ නැංවීම නිසා පොත්තෙල් ආනයනය සීමාවීමෙන් රජයට වසරකට රුපියල් කෝටි 21,000කට අධික පාඩුවක් සිදුවනු ඇතැයි කොළඹ පිටකොටුව පොල්තෙල් ආනයනකරුවෝ පවසති. 24 July 2023
පොලිසියට පාට් දැමූ 15ක් කූඩු කරයි යතුරු පැදි අනතුරකින් පසු කුපිත වූ පිරිසක් පොලිස් රාජකාරියට බාධ කරමින් පොලු මුගුරුවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 July 2023
බිත්තර කිරා විකිණීමේ ගැසට්ටුව අවලංගු කරයි බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 24 July 2023
දික්ඕවිට මුහුදට දෙදෙනෙක් බිලි වෙති වත්තල හැදල දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 5 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් ඇතැයි වත්තල පොලිසිය කියයි. 24 July 2023
යාපනයට පිටින් අලි ඇතුන් ගෙනඒමේදී දැඩි නීති යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුල් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවාපල සුන්දරම් මහතා විසින් දැනුම් දී තිබේ. 24 July 2023
චීන දේශපාලන ප්‍රබලයෙක් ජනපති හමු වෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 24 July 2023
සොර බඩු සමඟ හොර කපුවා මාට්ටු වටිනා දේව පිළිම, ජංගම දුරකථන, යතුරු පැදි ඇතුළු දේපල රැසක් සොරකම් කළ බව කියන දේවාලයක කපුවෙකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 24 July 2023
දුම්රිය වර්ජකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක් දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස සුද්ද සිංහලෙන් කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 July 2023
ලොතරැයිය කුලී ගොඩනැගිලිවලට කෝටි 40ක් පුදලා ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පසුගිය වසර හතේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 24 July 2023
‘මැන්ඩෙලා’ සැමරුම් දිනයේදී පාලකයන් ප්රජාතන්ත්රවාදය නිරුවත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 කගේ වරප්‍රසාද මැතිවරණ කොමිසම කඩ කළේ යැයි පවසමින් අපූරු යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් මැතිවරණ කොමිසම නොව වර්තමාන රජය මැතිවරණය නොපවත්වා මිලියන 16 ක ජනතාවගේ සහ 80,000 වන අපේක්ෂකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 24 July 2023
ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ. 24 July 2023
අවුරුදු තුනේ දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තියයි ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු තුනක දැරියක් සමත් වි ඇත. 24 July 2023
රුපියල තවත් පහළට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (24) දිනයේ ද ඉහළ ගියේය. 24 July 2023
එජාපය සියලු පක්ෂ වලට දොර අරින අලුත් ව්‍යවස්ථාවක් හදයි සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි තත්ත්වයක් එජාප නව ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 24 July 2023
බිලිඳු සිරුරක් ඇලකින් හමුවෙයි අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 24 July 2023
ඉන්දියා - ශ්‍රී ලංකා බෝට්ටු සේවය තව මාස 06කින් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා තවත් මාස 6 පමණ කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. 24 July 2023
නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 24 July 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් 2022 වසරේ රුපියල් බිලියන 1.65ක ආදායමක් උපයා තිබේ. 24 July 2023
බලංගොඩත් ඝාතනයක් බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි . 24 July 2023
කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කරලා ධාවනාගාර සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) පෙරවරුවේ ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කළ බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 24 July 2023
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026