IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට හදන්න රජය-පෞද්ගලික අංශය එක්විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ලෝක සංවිධාන වල සහභාගීත්වයෙන් අද (31) පැවති වටමේස සාකච්ඡාවේදී පැවසීය.

ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹදී පැවැත්විණි.

ආර්ථික වර්ධනයට අදාලව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාල කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර ජනතාවට අදාල කාර්යයන් ඉටුවී තිබේද? නැද්ද? යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් මෙහිදී තීරණය කෙරිණි. 

මෙම සැසිවාරයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,  මුදල් රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 

මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ලෙස ලෝක බැංකුවේ (WB) මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Ms. Anna Bjerde, Managing Director of Operation), ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser, World Bank Vice President for South Asia Region), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනයෙහි (MIGA) මෙහෙයුම් පිළිබඳ උප සභාපති ජුනයිඩ් කමල් අහ්මෙද් (Mr. Junaid Kamal Ahmed, Vice President for Operations), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නේවාසික නියෝජිත සර්වත් ජහන් (Ms. Sarwat Jahan, Resident Representative), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දකුණු, මධ්‍යම හා බටහිර කලාපීය උප සභාපති ෂික්සින් චෙන් (Mr. Shixin Chen, Vice President (South, Central, and West Asia), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ආයෝජන මෙහෙයුම්-කළාප අංක 01හි උප සභාපති ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel, Vice President, Investment Operations-Region 01), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka) ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් (Mr. Lars Bredal, Deputy Head of Delegation), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති සචිරෝ ඉමෝටෝ (Ms. Sachiko Imoto, Senior Vice President), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Ms. Anjali Kaur, Deputy Assistant Administrator) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්චි (Mr. Marc-André Franche, Resident Coordinator, UN) යන මහත්ම මහත්මීහු එක් වූහ.

මීට අමතරව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, මාස් හෝල්ඩිංග්ස් හි සභාපති මහේෂ් අමලීන්, වෙළෙඳ හා ආයෝජන අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන,  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව  සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර් යන මහත්ම මහත්මීහූ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (2)

රට හදන්න රජය-පෞද්ගලික අංශය එක්විය යුතුයි

Pinjana Tuesday, 31 October 2023 07:16 PM

අඩේ අප්පා, ණයට ගන්න කෙනා ණයට දෙන කෙනාට උපදෙස් දෙනවා ඇහුවාමයි. ඔය නරිවාදම්වලට අමතරව, මහ බැංකුව කොල්ලකන්නේ කොහොමද? ඡන්දෙන් ප්‍රතික්ෂේප වුණු කෙනා ජනාධිපති වෙන්නේ කොහොමද?

:       0       0

Perera Wednesday, 01 November 2023 07:54 AM

අවුරුදු 75ක් ආණ්ඩු කෙරුවාට පස්සෙද ඕක මතක් වුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site